• Breaking News

    NOC සබන් නැතුවම නාගනී

    ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය බොහෝ දෙනෙකුගේ සත්‍ය ස්වරූපය අනාවරණය කිරීම අරඹා තිබෙනවා. වෙබ් අඩවියක් පවත්වාගෙන යන මෙරට මාධ්‍යවේදියකු යැයි කියා ගන්නා අයෙකුට අපූරු සිදුවීමක් වී ඇති අයුරු ඔහුගේ වෙබ් අඩවිය නරඹන පාඨකයන්ට දැක ගත හැකියි. ඒ ඔහු කිසිවක් නොදැන සොයා බැලීමකින් තොරව ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානියෙක්ගේ අවශ්‍යතාව පූර්ණ කිරීමට යාමෙනුයි. එහිදී ඔහු පවසා ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ බලය මහින්ද රාජපක්ෂ පාර්ශවය ඇල්ලීමට යන බවයි.
    ජාතික ඔලිම්පික් කමිටු සභාපති අපේක්ෂකධූරයට රොහාන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්වන බව හා හෝවක් තිබෙනවා. වරුණි අමුණුගම ඔහුගේ බිරිදයි. ඇය අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ දියණියයි. දේශපාලනය දන්නා ඕනෑම අයෙක් පිලිගත්තා සත්‍යනම් මහින්ද රාජපක්ෂ සමග සිටින කිසිවකුට ආන්ඩුවේ තනතුරු හිමි නොවන බවයි. එසේනම් ඔහු මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන්නෙක් විට නොහැකියි. ලේකම්ධූරයට ඉදිරිපත්වන ඩයන් ගෝමස් මහතාට කිසිදු චෝදනාවක් නැගිය නොහැකි නිසා පවසා ඇත්තේ ඔහු රොහාන්ගේ මිතුරා බවයි.
    ජාතික වොලිබෝල් සංගමයේ ලේකම් A S නාලක ඔවුන් දෙදෙනා සමග එක්ව ඇති බවයි එම මඩ වෙබ් අඩවියේ සදහන් වන්නේ. පසුගියදා ජාතික වොලිබෝල් සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය NOC සභාපති ලෙස ඉදිරිපත් කරන බවයි හේමසිරි ප්‍රනාන්දු මහතා මිතුරන් සමග පවසා ඇත්තේ. මේ අනුව හේමසිරි ගෙන එන්නේ ද මහින්දගේ මිනිසුන්ව ද ?
    කෙසේ වෙතත් එම පාර්ශවයේ සිටින බව කියන කාංචන ජයරත්නට පමණක් මහින්ද පාර්ශවයේ සිටින බව කිව හැකියි. ඒ ඔහු පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ස්වාමියා වීම හේතුවෙනුයි. එහෙත් ප්‍රධාන තනතුරකට ඔහු ඉදිරිපත් නොවීම හේතුවෙන් NOC බලය මහින්ද පාර්ශවය අල්ලන්න යන බව කව හැකි වන්නේ නැහැ. වත්මන් ජනාධිපති මෛත්‍රී සමග සිටින ඇතැම් අය මහින්ද පාර්ශවය ප්‍රසිද්ධියේම නියෝජනය කිරීම ජනාධිපති මෛත්‍රීත් එම පැත්තේ කීමට හැකිද ?

    කරුණු කිසිවක් සොයා බැලීමකින් තොරව NOC ප්‍රධානියෙක්ගේ කොන්ත්‍රාත් ඉටුකිරීමට යාමෙන් මෙම ලිපිය ලියු තැනැත්තා සබන් නැතුනම නාගෙන ඇති ආකාරය ජුබුක්සා ජනකයි.

    No comments