• Breaking News

    අමාත්‍ය සියඹලාපිටිය NOC අල්ලයි ?

    ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වුවහොත් සභාපති අපේක්ෂක ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත්වනු ඇතැයි වාර්ථා වනවා. ඔහු ඉදිරිපත්වීම නියමිතව ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස ඒ  මහතාගේ පූර්ණ සහය ඇතිව වීම විශේෂත්වයක්. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පූර්ණ සහය ඇතිව අමාත්‍ය සියඹලාපිටිය මහතා නිලවරණයට ඉදිරිපත් වද්දී ලේකම්ධූර අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මැක්ස්වෙල් ද සිල්වා මහතාවයි.

    අනෙක් පාර්ශවයෙන් සභාපති අපේක්ෂක ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් වනු ඇති. ඔහු සමග ලේකම්ධූර අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ ඩයන් ගෝමස් මහතායි. නිලවරණයේ මේ වන විට වැඩි වාසි අත්කරගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා බවයි බොහෝ දෙනෙකුගේ මතය. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම තත්වය තවදුරටත් වෙනස්වනු ඇති. 

    1 comment:

    1. මොකා ආවත් වැඩක් නෑ.. අපේ රටේ ක්‍රීඩාවට අබ සරණයි !

      ReplyDelete