ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය අනවශ්‍ය වියදම් කරන්නේ අද ඊයේ සිට නොවේ. තිලංග සුමතිපාල මහතා
එලෙස අනවශ්‍ය වියදම් කිරීමට රුසියෙක්. ක්‍රිකට් ආයතනයේ වියදමින් මේ වන විට
දෙදෙනෙකු ඩුබායි ගොස් තිබෙනවා. ඒ කිසිදු රාජකාරියක් නැතුවයි. ඉන් එක් අයෙක් ප්‍රියන්ත
අල්ගම. ඔහු ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙක්.
අනෙක්
තැනැත්තා ක්‍රිකට් ආයතනයට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයෙක්. ඔහු නමින් ශිබ්ලි
විල්කසින්. ඔහු ඩුබායි ගොස් ඇත්තේ ඇයි දැයි කිසිවකු දන්නේ නැහැ. මොවුන් දෙදෙනා ශ්‍රී
ලංකාව සහ පාකිස්ථානය අතර තරගාවලිය පැවැත්වෙන ඩුබායි වෙත ගොස් ඇත්තේ කාගේ උවමනාවකටද
? කුමන රාජකාරියක් සදහාද ? මෙහි ඇති බරපතලම කාරණය වන්නේ වියදම් කරන අති විශාල
ධනස්කන්දයයි. එක් අයකුට දිනකට ඇමරිකන් ඩොලර් 350 බැගින් දින 05 ක් සදහා ලබා දී ඇති
බවයි ශ්‍රී ලකා ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ. දැන් සෙවිය යුත්තේ මෙම
තොරතුරු අපට ලබාදුන්නේ කවුද කියා නොවේ. මෙම දෙකට්ටුව ඩුබායි ගියේ ඇයිද යන්නයි.
No comments:
Post a Comment