• Breaking News

    SLC තවත් විහිලුවක්

    පාකිස්ථානය සමගින් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට තීරණය කර ඇත්තේ ලාහෝර් ගාඩාෆි ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වන්නේ ඩුබායි හිදීයි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටිහැටියේ පාකිස්ථානයේ ලාහෝර් ආරක්ෂාව පිලිබද සොයා බැලීමට නිලධාරීන් දෙදෙනෙකු යවා තිබෙනවා. ඉන් එක් අයෙක් ගුවන් හමුදා නිලධාරයකු වන විධායක කමිටු සාමාජිකයක්. අනෙක් පුද්ගලයා පොලිස් නිලධාරියෙක්. ඔවුන් දෙදෙනා පෞද්ගලිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට එරට ආරක්ෂාව පිලිබද කරුණු දැක්වීමට නියමිතයි.

    මෙය විහිලුවක් සැපයීමක් ලෙසයි විචාරකයින් පවසන්නේ. ඔවුන් ලාහෝර් ආරක්ෂාව නොමැති බව ප්‍රකාශ කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගන්නා පියවර කුමක්ද ? තුන්වන තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් නෙවේවිද ? ක්‍රීඩකයින් දැන දැනම බිල්ලට දෙයිද ? ලාහෝර් සංචාරය ප්‍රතික්ෂේප කළ කිසිදු ක්‍රීඩකයෙක් පන්දුවාර 20 තරගාවලියට ඇතුලත් නොකිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ. ලාහෝර් ආරක්ෂාව නොමැති බව පැවසුවහොත් ඔවුන්ට සිදුවන්නේ විශාල අසාධාරණයක්. මෙලෙස කණ්ඩායමක් එරටට ආරක්ෂාව සෙවීමට යැවීමට තිබුනේ මීට මාසයකට පෙරයි. 2009 වසරේදී ලාහෝරයේදීම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් එදා මෙරට ක්‍රීඩකයින් හත් දෙනෙකු තුවාල ලැබුවා. එදා සිටයි මේ දක්වා ජාත්‍යන්තර තරග පාකිස්ථානයේ පැවැත්නොවුනේ.

    No comments