චන්දිමාල්ට මෑණියෝ පිහිටවුණාද ?
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම පාකිස්ථානය සමග පැවති
ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ නොපෙනෙන බලවේගයක පිහිටෙන් බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය
වුණා. ඒ මෙම නොපෙනෙන බලවේග සමග සමීප සබදතා ඇති බව ප්‍රකාශ කරන කාන්තාවක්. එය
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ටෙස්ට් නායකත්වය දැරූ දිනේෂ්
චන්දිමාල්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු ලබාදුන් පිලිතුර විකෘති කර ඇතමුන් පළකරන
බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මේ අතර ටෙස්ට් තරගාවලි
ජයග්‍රහනයෙන් පසුව මෙම මෑණියන් ප්‍රකාශ කළේ එක්දින තරගාවලියද ශ්‍රී ලංකාව ජය ගන්නා
බවයි. එහිදී චන්දිමාල් ශතකයක් වාර් ථාකරන බවත් ඇය පැවසුවා. එම අනාවැකි බොරුවෙද්දී
ඇය ප්‍රකාශ කළේ පන්දුවාර 20 තරගාවලිය ජයගන්නා බවයි. එයද බොරු වුණා. මේ අනුව ටෙස්ට්
තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ නොපෙනෙන බලවේගයකින් නොව සැබෑ දක්ෂතාවයකින් බව තහවුරු
වී අවසන්.
No comments