• Breaking News

    ක්‍රීඩා සංවර්ධනයට යුධ හමුදාවේ සහය

    නව යුධ  හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානනායක මහතා ඇතුළු ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහ ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා අතර හමුවක් අද දින (07) දින ක්‍රීඩා අමාත්‍යාශයේදී සිදුවිය. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ක්‍රියාවට නංවන ක්‍රීඩා සංවර්ධන කටයුතු රැසක් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහය ලබාදීමට නව යුධ හමුදාපතිවරයා කැමැත්ත පළ කර සිටියේය‍.

    මේ යටතේ අවම වියදමකින් හා උපරිම උසස් තත්ත්වයෙන්  දියගම ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු සිදුකිරීමටත් එහි නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවට පැවරීමටත් සාකච්ඡා විණි. එමෙන්ම කිලිනොච්චි නගරයේ ඉදිවෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩාසංකීර්ණයේ වැඩ නිම කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරුබලකායක දායකත්වය ලබා ගැනීම හා හදිසි අළුත්වැඩියා හා නඩත්තුකටයුතු කිළිනොච්චිය ආරක්ෂක සේවා මූලාස්ථානය වෙත පැවරීමටත් සාකච්ඡා කෙරිණි.

    2018.03.01 දිනට යෙදී ඇති ප්‍රථම ශ්‍රි ලාංකික ‍ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රි ලංකා යුධ හමුදාවේ කපිතාන් ඩන්කන්වයිට් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරික සැමරුම වෙනුවෙන් එතුමා පදිංචිව සිටි මහනුවර පිහිටි නිවස ප්‍රතිසංස්කරණය කිරිමට ද ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහය ලබාදීමට නව යුධ හමුදාපතිවරයා කැමැත්ත පළ කළේය.
    මෙරට ක්‍රීඩා ක්ෂේත්‍ර‍යේ උන්නතිය උදෙසා ශ්‍රි ලංකා යුධ හමුදාවට අනුයුක්තව සිටින ජාතික සංචිතගත ක්‍රිඩක ක්‍රිඩිකාවන් දීර්ඝකාලීන සංචිතය තුළ පුහුණුව සඳහා පුර්ණකාලීන නිදහස්  කර ගැනීම, සංචිත සඳහා අලුතින් තෝරාගනු ලබන දක්ෂතා ඇති ක්‍රිඩක ක්‍රීඩිකාවන් තවදුරටත් යුධ හමුදාවට බඳවා ගැනීමට සලකා බැලීමයුධ හමුදා ක්‍රීඩා සංකීර්ණ හා යටිතල පහසුකම් පළාත් හා ජාතික සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම සඳහා භාවිත කිරිමට යෝග්‍ය වැඩපිළිවෙලක් සැකසීම, යුධ හමුදා සාමාජිකයින් අතුරින් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා හැකියාවන් හා විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයට හා ක්‍රීඩා සංගම් වෙත අවස්ථාව ලබා දීම, ක්‍රීඩා හා ශාරීර සුවතා වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරිම සඳහා සහාය ලබා දීම සහ ක්‍රිඩා ශක්ති ඉදිරි දැක්ම ව්‍යාපෘතිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරිම සඳහා සහාය ලබා දීම පිළිබදව ද සාකච්ඡාවට ලක්විය.

    No comments