බර උස්සන්න ජැක් ගැසූ 04
නිමාවූ පොදුරාජ්‍ය
මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජයග්‍රාහී ලෙස නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සමත්වුණා. මෙවර තරගාවලියේදී පළමු පදක්කමේ සිට එකම රිදී පදක්කම දිනාගත් මෙරට බර
ඉසිලීමේ කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ ඔවුන් පිලිගැනීමට එවකට ක්‍රීඩා අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළා. මෙලෙස සම්පූර්ණ
කණ්ඩායම පැමිණීමට පෙර පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීමට හේතුව වූයේ ආන්ඩුවේ බල
ගැටුමයි.
එම පිලිගැනීමේ උත්සවයේදී
තරගාවලියේ පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතා කථාවක් කිරීමටත් බර ඉසිලීමේ
සංගමයේ සභාපතිවරයා කටයුතු කළා. එහිදී ඔහු පැවසුවේ ක්‍රීඩකයින් මාධ්‍ය අමතන විට
මතක්කළ යුතු නම් 04 ක් තිබෙනබවයි. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නොපවසා දයාසිරි ජයසේකර
ලෙස නම පවසන ලෙස උපදෙස් ලබා දුන්නා. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල්
ද සිල්වාත් ඒ අතර සිටියා. පදක්කම් ජයග්‍රහණයට ඔවුන් විශාල කාර්යභාරයක් ඉටුකළ බවයි
එහිදී පැවසුනේ.
මේ පිලිබද අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්
විමසා සිටියා. ඔහුදී ඔවුන් කියා සිටියේ ඇත්තෙන්ම දයාසිරි හා මැක්ස්වෙල් තමන්ට ඉතා
විශාල කටයුත්තක් සිදුකළ බවයි. ඒ කුමක්ද යන්න ඔවුන්ට මතක නැති බවත් අප කළ විමසීමේදී ඔවුන් පැවසුවා.
No comments