මාලිංග ගිරවා දොට්ට දැමූ රිලාසිරි මෙහෙයුම
ශ්‍රී ලංකාවෙන් බිහිවූ
හොදම දකුණත් වේග පන්දු යවන්නා වන්නේ ලසිත් මාලිංග බව අවිවාදිතයි. ඔහුගේ නායකත්වය
යටතේ ශ්‍රී ලංකාව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් බව මේ වන
විටත් බොහෝ දෙනෙකුට අමතක ගොස් අවසන්. මේ වන විට
ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානක්ද නැහැ. මෙලෙස ස්ථානය අහිමිවීමට හේතුව වී ඇත්තේ ක්‍රීඩා
අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා කටයුතු කළ සමයේ ඇතිවූ මත ගැටුමයි.
මාලිංග කෙලින් කථාකරන ක්‍රීඩකයෙක්. එය බොහෝ දෙනෙකුට දිරවන්නේ නැහැ. මේ අතර ඔවුන් දෙදෙනා
අතර ඇතිවූ ගිරවා හා රිලවා හබය ඉතා රසවත් වුණා. ඒ සමග ක්‍රිකට් තේරීම් කමිටුව
දිගින් දිගටම මාලිංගව නොසලකා හැරියා.
ලසිත් මාලිංග වරක් ක්‍රීඩා
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් හමුවීමට වේලාවක් ඉල්ලා SMS පණිවිඩයක් යොමුකර
තිබුණා. ඊට දයාසිරි පිලිතුරු එවා තිබුනේ “රිලවා බෙනේ නෑ” යනුවෙනුයි. එවිට මාලිංග
යලිත් පිලිතුරු එවා තිබුනේ තමන්ට අවශ්‍ය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාව හමුවීමට බවයි. එයටද
පිලිතුරු යවමින් දයාසිරි පවසා තිබුනේ යලි රිලවා බෙනේට නොඑන බවයි. ගිරවාට බෙනේට වී
සිටිය හැකි බවත් එහි සදහස් කර තිබුණා. මෙම සංවාදය නිමා කරමින් ලසිත් මාලිංග එවකට
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ස්තූතිය පලකරමින් පණිවිඩයක් යොමුකර තිබීම
කැපීපෙනෙනවා.
අවසානයේ සිදුවූයේද රිලවා
අතුරුදහන් වීමයි. ගිරවාට බෙනේ බාරදීමයි. කෙසේ වෙතත් ක්‍රිකට් පිටියෙන් ලසිත් මාලිංගව ඉවත් කළද අනෙකුත් ක්‍රීඩා සදහා ඔහු බොහෝ දේ සිදුකළා. ඒවා යහපත් අතට සිදුවීම මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ පදක්කම් සටහනෙන් පෙනෙනවා ඇති.
No comments