• Breaking News

    දයාසිරි ක්‍රීඩා මාධ්‍යවේදීන්ට දුන් ලිපිය


    ඔහුගේ තිරණය අනිවාර්‍ය්‍ය ය. ලෝකයේ ජරා මරණය සේ වෙනස් නො වන නියත ධර්මාතවකි ඒ.
              "තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය ? මොකොට ද කල් දාලා ? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්."
                ඔහුගේ දෙතොලින් මෙබස් කොඳුරන්නා සේ මට දැනුණි. යළිත් ආ හැකි නිසා නොවේ ද ඔහු යන්නේ ? නො ගියොත් යළිත් ආ නො හැකි ය. 
    යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇතතේ යාම ඊම ය. නෑවිත් යන්ට බැරි ය. නොගොස් එන්ට බැරි ය.

    සරච්චන්ද්‍ර - මළවුන්ගේ අවුරුදු දා

    2018.04.18
    ප්‍රිය මාධ්‍ය මිතුරනි,
    පුරා වසර 3කට අසන්න කාලයක් ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරු  අප ආදරණීය නීතිඥ දයාසිරි ජයසේකරයන් පරණ අවුරුදුදට කලින් දා ස්ව ඉල්ලා අස්වීම භාර දුන් වගත් නව වැඩ බලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත්වූ බවත් ඔබ සැම දන්නා බව දනිමි.

    ගෙවුණු වකවානුව පුරා සියගණනක් දුෂ්කරතා මධ්‍යයේ මෙරට ක්‍රීඩාවේත්, ක්‍රීඩා ආර්ථිකයේත් උන්නතයි උදෙසා නීතිඥ දයාසිරි ජයසේකරයන් කළ මෙහෙවරෙහි එක් පරිච්ඡේදයක් එසේ අවසන්ව ඇත.

    එම කාල පරිච්ඡේදය පුරා සහෘද මාධ්‍ය ඔබ සැම අප වෙත එල්ලකර ප්‍රශංසා හා සියලු සාධනීය විවේඡනයන් සඳහා ජයසේකරයන් වෙනුවෙන් මම හිස නමා ස්තූති පූර්වක ආචාරය පුදකර සිටිමි.

    බොහෝ දුෂ්කර අවස්ථාවන්හිදී දිවා රෑ වෙහෙසකින් තොරව මල්ලි මෙහෙම කරපං... මචං මෙහෙම කරපං... කියමින් වෘත්තීය මට්ටම ඉක්මවා යමින් ඔබ මා වෙත පෑ ළෙන්ගතු මිත්‍ර ස්නෙහය කිසිදා අමතක නොවේ.

    ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දයාසිරි ජයසේකරයන්ගේ නික්ම යෑමත් සමග තවදුරටත් මා මෙහි වැඩ බලන මාධ්‍ය නිලධාරී පමණි. නව අමාත්‍යතුමන්ගේ සම්ප්‍රප්තිය සමග මාගේ සේවා කාලය ද හමාර වේ. ගෙවුණු කාල සීමාවේ මා කළ කාර්ය භාරය පිළිබඳ මට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පිහිටුවීමට උත්සහ කළ තැන් පටන් එයට වචනයකින් හෝ උපකාර නොකළ කිසිදු මාධ්‍යවේදියෙකු නොමැති තරම්ය. සැම දායකත්වයෙන් රෝපණය කළ එම සංගමය මතු දාක දැවැන්ත වෘක්ෂකයක් වනු නොඅනුමානය. නික්මීයාමට පෙර ශේෂවී ඇති එක් දුකක් හෝ ඇත්නම් ඒ  ඇත්තේ  තවමත් මංජු තේනුවර ප්‍රමුඛ නිවුස් ෆස්ට් සහෘද කැල සහ රාවයේ ටිරාන් කුමාර තවමත් සංගමයේ සාමාජිකයන් නොවීම පමණි. වැඩි දිනක් නොගොසින් ඔව්න්ද සංගමය හා එක්වනු ඇති බව මගේ විශ්වාසයයි.

    එමෙන්ම මෙරට ක්‍රීඩා මාධ්‍යවේදීන් වෙත විශ්‍රාම වැටුපක් පිරිනැමීම වෙනුවෙන් අප ගත් උත්සහය චම්පික, සිරිනාම ඇතුළු සංගමයේ සියලු  සාමාජිකයන් සතුටුදායක අයුරින් සාර්ථක කරගනු ඇත.

    පසුගියදා නිමා වූ 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් අප්‍රේල් 19 එනම් හෙට දින පස්වරු 2ට වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවත්වේ. ඒ සඳහා ඔබ සැමට කරන මේ ඇරයුම බෝහෝ විට මාගේ අවසන් රාජකාරි කටයුත්ත විය හැකිය.

    ඒ අනුව dayasirI jayasekara media unit නම් මෙම ඊමේල් ලිපිනයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ ඊමේල් පණිවිඩ ඔබ වෙත නොඑනු ඇත.

    ඔබ ලබා දුන් සෑම සියලු උපකාරයකටම යළි යළිත් ස්තූති වන්ත වෙමින් මෙම තවකාලික සමුගැනීමට මම ඉඩ දෙමි.

    No comments