• Breaking News

    නිදහස් කුසලානය ඉල්ලමක් වෙලා


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂණ විරෝධී ආයතනයක් ලෙස පවතින බව එහි සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළද සත්‍ය ඊට වඩා වෙනස් බව අනාවරණය වනවා. පසුගිය මාසයේ පැවති නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශුද්ද ආදායම රුපියල් මිලියන 943 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. මෙම තරගාවලිය වෙනුවෙන් පොතක් මුද්‍රණයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒ සභාපති තිලංග සුමතිපාල මහතාගේ ලේකම්වරියක් ලෙස කටයුතු කරන රායි මහත්මියගේ ආයතනයෙන්.
    පොත වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කර ඇති මුදල රුපියල් මිලියන 26 ක්. මෙතරම් මුදලක් වැයකර මුද්‍රණය කළ පොත් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගොඩගසා තිබෙනවා. රායිගේ මැංගො දලු ආයතනයයි මෙම පොත් මුද්‍රණය කර ඇත්තේ. කෙසේ වෙතත් පවතින තත්වය මත බොහෝ දෙනෙකු ආදායම් ඉපයීමේ මාර් ගයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කර ගනිමින් සිටිනවා. 


    No comments