ලක්මව පදක්කමින් සැරසූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජනපති හරසර
නිමාවූ
21වැනි පොදුරාජ්‍ය මණ්ලීය ක්‍රීඩා උළලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම
පදක්කම් ප්‍රමාණය ලෙස ඉතිහාසයේ නම රැන්දීමට උරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග
ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනාධිපති කාර්යාලයේදී සිදුකළා. ඒ
ඉන්දික දිසානායක (රිදී), දිනූෂා ගොමස් (ලෝකඩ),
චතුරංග ලක්මාල් (ලෝකඩ) සහ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් අනූෂා
කොඩිතුවක්කු (ලෝකඩ), ඉෂාන් බණ්ඩාර (ලෝකඩ), තිවංක රණසිංහ (ලෝකඩ) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටයි.
ඉන්දික
දිසානායක ක්‍රීඩකයා හට රුපියල් ලක්ෂ 40 මුදල් ත්‍යාගයක් හා අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
හට රුපියල් ලක්ෂ 30 බැගින් මුදල් ත්‍යාග පිරිිනැමුණා. ඔවුන්ගේ පුහුණුකරුවන් වෙත ක්‍රීඩකයන්
වෙත පිරිනැමෙන මුදලේ වටිනාකමින් සියයට 25ක වටිනාකමකින් යුත් මුදල් ත්‍යාග ද ලබා
දුන්නා. පොදුරාජ්‍ය මණ්ඩලී ක්‍රීඩා උළෙලකදී පදක්කම්
ලාභීන් වෙත මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් ඉහළම මුදල් ත්‍යාග මෙයයි.
වැඩබලන
ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත්
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන් කෙරී ඇති නේවාසිකාගරයන්හි නිරීක්ෂණ චාරිකාවකද
නියැළුණා. එහිදී බර ඉසිලීම් හා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ආහාරපාන,
නේවාසිකාගර, පුහුණුවීම් ස්ථාන සම්බන්ධ ගැටළු
පිළිබඳව සොයාබැලූ අමාත්‍යවරයා එම ගැටළු විසදීමට අවශ්‍ය කඩිනම් පියවර ද ගත්තා.
No comments