• Breaking News

    ක්‍රිකට් ආයතනයට අතුරුකමිටුවක් ?


    ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනයේ නිලවරණය නොපැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් තිබෙනවා. ඒ යටතේයි ක්‍රිකට් ආයතනයට විවිධ චෝදනා එල්ල වෙමින් ඇත්තේ. අතුරුකමිටුවක් පත් නොකළහොත් සභාපති ලෙස ආන්ඩු විරෝධී තිලංග සුමතිපාල මහතා පත්වීම කිසිවෙක්ට වැලැක්විය නොහැකියි. මේ අනුව මෙගා ටෙලි නාට්‍යක් බවට ක්‍රිකට් ආයතනයේ නිලවරණ පත්ව අවසන්. නිලවරණය ලබන මස 19 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
    ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධව මතුව ඇති මතභේදකාරී තත්ත්වය සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා පනත හා සංශෝධිත රෙගුලාසි අනුව නිලවරණ කමිටුව පත්කීරීම සඳහා මහ සභා රැස්වීමක් පැවැත්විය යුතු බවත් එහිදී පත්කරගන්නා නිලවරණ කමිටුවක් මඟින් නිලවරණය පැවැත්විය යුතු බවයි.
    මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ගේ ප්‍රකාශය පහත පරිදියි.
    ක්‍රීඩා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති අදාළ රෙගුලාසි අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද පැවැත්වීම සම්බන්ධව පත්කරන ලද කමිටුවේ නීත්‍යානූකූලභාවය අභියෝගයට ලක්කරමින් මා වෙත එක් පාර්ශ්වයක් විසින් විරෝධතාවක් ගොනුකර ඇත. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා පනතේ 39 වන වගන්තිය ප්‍රකාරව දෙනු ලැබූ  විධානයට පරිබාහිරව කටයුතු කරමින්, විශේෂ මහ සභා රැස්වීමක ගනු ලැබූ තීරණයකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් නිලවරණ කමිටුව පත්කර ඇත. මේ හේතුවෙන්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මෙම තත්ත්වය පිළිබඳ ගරු නීතිපතිතුමාගන් නීති උපදෙස් පැතීමට සිදුවිය.
    මා විසින් ක්‍රීඩා විෂය භාර අමාත්‍යාවරයා ලෙස තාවකාලිව කටයුතු කරන කාල පරිච්ඡේදයක උක්ත විරෝධව පිළිබඳ ක්‍රීඩා පනතට අනුකූලව කටයුතු කළ යුතුව ඇති බැවින් සහ මේ සම්බන්ධව ක්‍රීඩා පනතට අනුකූලව දී ඇති විධානය මාගේ නිල කාලයට ප්‍රථම සිදුවූවක් බැවින් ද ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය අක්‍රමිකතාවලින් තොරව නීතියේ රාමුව තුළ යෝජිත දිනට පැවැත්වීමට, මා උපරිම වශයෙන් කටයුතු සම්පාදනය කරන බවට දන්වා සිටිමි.
    මෙය හුදෙක් තාක්ෂණික දෝශයක් ලෙස මා සලකනු ලබන නමුදු ගරු නීතිපතිතුමාගේ ගේ උපදෙස් පරිදි නීතිය ප්‍රකාරව කටුයුතු කිරීමට සිදුව ඇත. මෙකී තත්ත්වයන් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අන්තාර්කාලීන කමිටුවක් පත්කළ යුතුව ඇති බැවින් ප්‍රජාතන්ත්‍රවාදීව පත්වී ඇති වර්තමාන නිලධාරී මණ්ඩලය එකී අන්තර්කාලීන කමිටුව ලෙස ද නම් කිරීමට මා තීරණය කොට ඇත. එය එසේ කරනුයේ හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදීව පත්කළ නිලධාරීන්ගෙන් තොරව අතුරුපාලන කමිටු පත්කිරීම අයහපත් පූර්වාදර්ශයක් බවට මා තරයේ විශ්වාස කරන බැවිනි.


    No comments