ක්‍රිකට් තේරීම් කමිටුවට අමතකවූ දෙන්නා
ශ්‍රී ලංකා ක්‍රිකට්
තේරීම් කමිටුව ක්‍රීඩකයින් නොසලකා හැරීමේ වාර්ථාව අලුත් කර තිබෙනවා. සුපිරි පළාත්
එක්දින තරගාවලියට කණ්ඩායම් නම් කිරීමේදී මෙම තරගාවලියේම සිව්දින තරගාවලියට එක්වූ ක්‍රීඩකයින්
දෙදෙනෙකු අමතක වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. එලෙස අමතක වී
ඇත්තේ රොෂ්න් සිල්වා හා දිල්රුවන් පෙරේරායි. ඔවුන් දෙදෙනා ජාතික කණ්ඩායම ද නියෝජනය
කර ඇති ක්‍රීඩකයින් දෙදෙනෙක්. මෙලෙස ක්‍රීඩකයින් අමතක වන තේරීම් කමිටුවකින් මෙරට
ක්‍රිකට් ජයග්‍රාහී මාවතේ යනු ඇතැයි සිත්නේ කෙසේද ?
ශ්‍රී ලංකා ක්‍රිකට්
තේරීම් කමිටුව මේ වන විට ඇතැම් ක්‍රීඩකයින් තේරීම් සදහා නොසලකා හරින බව අවස්ථා ගණනාවකදී
තහවුරු කර තිබෙනවා. ඔවුන්ට හිතවත් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට පැමිණෙන බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ. වත්මන් තේරීම් කමිටුවේ සේවා කාලය ලබන 15 වැනිදායින් අවසන්
වනවා. එය ප්‍රයෝජනයට ගෙන වත්මන් තේරීම් කමිටුව පන්නා යලි මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට
යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමට කාලය පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට
වත්මන් තේරීම් කමිටුව දොට්ට දමන ලෙස බලපෑම් කිරීම ආරම්භ කිරීමට හොදම කාලයයි මේ.
No comments