ගාල්ලෙන් ලසිත් මාලිංගව පන්නයි
ලසිත් මාලිංග ශ්‍රී ලංකා
ක්‍රිකට් තේරීම් කමිටුවේ දඩු අඩුවට හසුව මේ වන විට කණ්ඩායමේ ස්ථානයද අහිමිව
සිටිනවා. ඊට හේතුව වූයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සමග මෙන්ම ශ්‍රී
ලංකා ක්‍රිකට් පරිපාලනය විවේචනය කරමින් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමයි. දේශීය ක්‍රිකට්
තරගාවලියේදී දක්ෂතා දැක්වීම මාලිංග කණ්ඩායමට පැමිණීමට හේතුවක් වුනේ නෑ. මේ
හේතුවෙනුයි පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට නායකත්වය
දැරූ හා එක්දින කණ්ඩායමේ නායකයා වූ ලසිත් මාලිංග කණ්ඩායමෙන් දොට්ට විසීවී සිටිනවා.
මේ අතර සුපිරි පළාත්
හතරේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කන්ඩායමෙන් ද ලසිත් මාලිංග ඉවත්කර තිබෙනවා.
ඔහුව ඇතුලත් කර ඇත්තේ දඹුල්ල කණ්ඩායමටයි. ලසිත් ගාල්ලේ ඉපිද එහිම අධ්‍යාපනය ලබා ජාතික
කණ්ඩායමට ඇතුලත් වූ ක්‍රීඩකයෙක්. පසුව ඔහු කොළඹ පදිංචියට ආවා. මෙම පළත් දෙකටම
ඇතුලත් නොවී මාලිංග දඹුල්ල කණ්ඩායමට ඇතුලත් කිරීමට හේතුව ක්‍රිකට් තේරීම් කමිටුව
පැහැදිලි කළ යුතුයි. දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ කුසල් ජනිත් පෙරේරා.
මිලින්ද සිරිවර්ධන එහි උප නායකයායි. අවසන් වරට ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කර
ඇත්තේ පසුගිය වසරේ පාකිස්ථාන තරගාවලියේදීයි. අත්දැකීම් හා දක්ෂතා අතින් ගත්විට
මාලිංගට වඩා මිලින්දගේ දැකිය හැක්කේ කුමක්දැයි තේරීම් කමිටුව ප්‍රකාශ කළ යුතුයි.
මිලින්ද මේ වන විට 33 වන වියේ පසුවනවා. මාලිංග 34 වන වියේ පසුවන්නෙක්.
මේ අතර කොළඹ කණ්ඩායමේ නායකත්වය
දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබෙනවා. එහි උප නායකයා වන්නේ තිසර පෙරේරා. ගාල්ල
කණ්ඩායමේ නායකයා ලෙස නම්කර ඇත්තේ උපුල් තරංග. දසුන් ශානක එම කණ්ඩායමේ උප නායකයායි. ඇන්ජලෝ
මැතිව්ස් නුවර කණ්ඩායමේ නායකයා වන අතර උප නායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන්
දක්වැල්ලටයි.
No comments