• Breaking News

    රන්ජන්ට උත්තර දෙන්න බෑ කියපු දෙන්නා


    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනයට එරහිව අනාවරණයන් රැසක් කළා. ඇතැම් අනාවරණයන් සත්‍ය වුවත් බොහෝ ඒවා පදනම් විරහිත එ්වායි. කෙසේ වෙතත් මෙම අනාවරණයන් පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කරන්නේ නිහඩ පිලිවෙතක්. කෙසේ වෙතත් මෙම චෝදනා පිලිබද කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොපවසන්නේ සත්‍යන් කිහිපයක් ඒ අතරවීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙතරම් කාලයක් රන්ජන් රාමණායක මහතා නිහඩව සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සිය දේශපාලනයට සහය දෙමින් සිටීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන විට තිලංග ඒකාබද්ධයට එක්ව සිටීම හේතුවෙන් මෙලෙස ක්‍රිකට් ආයතනයේ වැරදි පෙනීමට ගෙන තිබෙනවා. මිතුරන් සේ එකට කන විට හොද වීමටත් තරහා වූ විට එයම නරක්වීමත් ඔවුන්ගේ ජරාජීරන බව පෙන්වන්නක්.
    කෙසේ වෙතත් මෙම චෝදනාවන්ට පිලිතුරු දෙන ලෙස සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් දෙදෙනාට උපදෙස් ලබා දී තිබෙනවා. කේ මතිවානන් මහතා පවසා ඇත්තේ තමන්ට එස සිදුකිරීමට නොහැකි බවයි. දේශපාලන පොර පිටියට වැටීමට තමන්ට නොහැකි බවයි ඔහු පවසා ඇත්තේ. මේ අතර අනෙක් උප සභාපති මොහාන් ද සිල්වාත් ලබා දී ඇත්තේ එවැනිම උත්තරයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මේ වන විට සිටින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකට එක්වයි. ඔහු දිවයිනේ නොසිටීම හේතුවෙන් මෙම පිලිතුරු මාධ්‍ය හමුව පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ දෙකහමාරකට අධික වැටුප් ගැනීමට මාධ්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු සිටියද මෙතෙක් එකදු නිවේදනයක් හෝ ඔවුන් මේ පිලිබද නිකුත් කර නැහැ.


    No comments