ෆයිසර් NOC හොරකම් අල්ලයි ?
ක්‍රීඩාවේ මහගෙදර වන
ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය ක්‍රමිකතාවන් රැසක් සිදුව ඇති බව බොහෝ දෙනෙකු චෝදනා කළා.
ඒ රජයේ විගණකාධිපති වාර්ථා උපුටා දක්වමින්. ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට පෙරයි. කෙසේ වෙතත් ඊට කිසිදු පියවරක් ගැනීමට එවකට
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට හැකිවූයේ නැහැ. නව ක්‍රීඩා අමාත්‍යවරයාට
ඊට අනගි අවස්ථාවක් තිබෙනවා. වෝහාරික විගණනයක් සිදුකර එවැන්නක් සිදුව ඇත්දැයි සෙවීම වත්මන් ක්‍රීඩා
අමාත්‍යවරයා සතු යුතුකමක්.
ෆයිසර් අමාත්‍යවරයාට
හොරකම් අල්ලීමට පමණක් නොව ක්‍රීඩාව වෙනුවෙන්ද යමක් කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඒ
ආසියානු ක්‍රීඩා උළෙල සදහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම සදහායි.
දයාසිරි ජයසේකර මහතා හොදින් ක්‍රීඩාව දියුණු කිරීමට කටුයුතු කිරීම මෙවර 21 වන
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී එතෙක් මෙතෙක් ලබා ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව
දිනා ගැනීමට සමත්ව සිටිනවා. මේ යටතේ ඔහු හදුනා ගත් ක්‍රීඩාවන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් පුහුණුවක් ලබා දීම ඇතුලු බොහෝ දේ සිදුවුණා. නිලධාරීන් සහය වූයේ නම් ක්‍රීඩාව තවත් දියුණු කිරීමට ඔහුට හැකිවනු නොඅනු මානයි.
No comments