• Breaking News

    SLC ලේකම් බියන්වල දොට්ට


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස මේ වන විට කටයුතු කරන රොෂාන් බියන්වල මහතා ඉන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා මීට පෙර ඉන් ඉල්ලා අස්වුණා. එවිටයි විධායක කමිටුව බියන්වලට ලේකම්දූරය ලබාදීමට කටයුතු කළේ. එය සිදුවූයේ මෙම වසරේ ජනවාරි මාසසේයි. කෙසේ වෙතත් ඉල්ලා අස්වූ මොහාන් මේ වන විට ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරකු ලෙස කටයුතු කරනවා. එහි කටයුතු කිරීම සදහායි ඔහු ලේකම්දූරයට පයින් ගැසුවේ.
    බියන්වල ඉවත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නිලවරණය පැවැත්වීමෙන් පසුවයි. ගුවන් කොමදෝරුවරයාට SLC ලේකම්ලෙස කටයුතු කිරීමට ගුවන් හමුදාව අවසර දී ඇත්තේ එම එකගතාව අනුව බවයි ක්‍රිකට් ආයතනයේ නිලදාරියක් ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත කියා සිටියේ. ලබන මස 19 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට නිමයෝජනා භාරගැනීම ලබන 27 වනදායින් අවසන් වනවා. එහිදී තිලංග සුමතිපාල මහතා සභාපතිවරයා ලෙස පහසුවෙන් පත්වීම වැලැක්වීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විට රහසිගත මෙහෙයුමක් ආරම්භ කර අවසන්. රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා ක්‍රිකට් ආයතනයේ දූෂණ අක්‍රමිකතා ඇතිබව පැවසුවේ එහි එක් අධියක් ලෙසයි. මෙම සියලු කටයුතු පසුපස සිටින්නේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බවයි ඇතමුන් පවසන්නේ. කෙසේ වෙතත් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය බොහෝ ඉහළ පුටු පෙරෙලෙන එකක් බවට පත්වනු ඇති.


    No comments