රන්ජන්ට අභියෝගයක්
අත්හිටුවා ඇති නිලවරණය ලබන 31 වැනිදා පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසත් ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. නිලවරණය අත්හිටවනු
ලැබුවේ නිලවරණ කමිටුවට එල්ල වූ විරෝධතාවක් හේතුවෙන්. කමිටුව පත්කළ යුත්තේ විශේෂ මහ
සභා රැස්වීමක් පැවැත්වීමෙන් පසුව බවයි එහිදී අමාත්‍ය නියෝගය වුනේ. මේ අනුව එම විශේෂ මහ සභා රැස්වීම ලබන 19 වැනිදා පැවැත්වීමටත් තීරණය
කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා රන්ජන් රාමනායක
නියෝජ්‍ය අමාත්‍යවරයාට අභියෝගයක් කළා. ඒ දූෂණ අක්‍රමිකතා ඇත්නම් හෙලිකරන
ලෙසයි. මඩින් නොව ගොඩින් හැකිනම් පැමිණෙන්නැයි ද
ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. රන්ජන් රමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට
කිසිදු ප්‍රතිපත්තියක් නැති බවත් මෙහිදී කියවුණා. සිදුකරන අසත්‍ය චෝදනා පෙරලා
පැමිණීමට වැඩිකල් නොයනු ඇති බවයි තිලංග මෙහිදී කියා සිටියා. මෙම අදහස් පළවුනේ ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
No comments