Saturday, May 12, 2018

බල්ලාගේ වැඩේ කරන බූරුවා


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කටයුතු කළක සිට දෝශ දර්ශනයට ලක්වනවා. මේ හේතුවෙන් ඇතැම් ජේෂ්ඨ ක්‍රීඩකයින්ට ජාතික සංචිතයේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා. ක්‍රිකට් වෙනුවෙන් හඩ අවදිකර ජාත්‍යන්තර පිටියෙන් ඉවතට විසිවූ එක් ක්‍රීඩකයෙක් පමණයි ලසිත් මාලිංග. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසන්නේ ලසිත් මාලිංග යනු ඉතා හොද ක්‍රීඩකයෙක් බවයි. පන්දුවාර 20 ක්‍රිකට් තරගයන්හිදී ඕනෑම අවස්ථාවක ඔහුට වෙනසක් කළ හැකි බවයි ප්‍රධාන පුහුුණුකරුගේ මතය. එහෙත් මෙරට පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මාලිංග කණ්ඩායමට ඇතුලත් වූයේ නැහැ. එය තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ ප්‍රධාන තේරීම් ගැටළුව බවට පත්වුණා.
මේ අතර දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 30 කට ආසන්න පිරිසක් රට හැරයාමේ සූදානමක පසුවනවා. ඔවුන් මෙලෙස විදෙස් ගතවීමට තීරණය කර ඇත්තේ තේරීම් පිලිබද විරෝධය පළකරමිනුයි. ඕස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ දේශීය තරගාවලි සදහා එක්වීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබෙනවා. ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත අදහස් දක්වමින් එම එක් ක්‍රීඩකයකු කියා සිටියේ තේරීම් සිදු කරන්නේ තේරීම් කමිටුව නොවන බවයි. තේරීම් කමිටුව පාලයන කරන්නේ ශම්මි සිල්වා බවත් බවත් ඔහු කියා සිටියා. 



No comments:

Post a Comment