Sunday, May 13, 2018

වලලු පහේ මාමන්ඩිගේ මලට ගහන කුමරු


ජාතික මලට ගහන සංගමයේ පසුගිය දිනවල වැඩිම තරග සංචාර ප්‍රමණයක් ගියේ කකල් කැඩුනු අස්සයෙක්. ඔහුට තරගයට ජයග්‍රහණ සිහිනයක්. කෙසේ වෙතත් වසර ගණනක් මෙරට හෙල්ලූ ක්‍රීඩකයෙක්. ඒ නිසාවෙන්ම ඔහුගේ පවුල වටා මලට ගැසීම ගොනු වීම සිදුවුණා. මේ වන විට එම පවුල අභිබවා යමින් දක්ෂ ක්‍රීඩකයින් රැසක් ජාතික හා ජාත්‍යන්තරය නියෝජනය කර අවසන්. එහෙත් ඔවුන්ට කිසිදු වරප්‍රසාදයක් හිමිවන්නේ නැහැ. තවමත් මලට ගහන ක්‍රීඩාවෙන් සමුගැනීම සිදු නොකල හිටපු දක්ෂයා වටා එසේ සියල්ල ගොනුවීමට හේතුව ලංකා ස්පෝට්ස් නිව්ස් සොයා බැලුවා.
ජාතික වලලු පහේ කමිටුවට අරක්ගත් බහිරවයාගේ දියණය විවාහය කටුගා අවසන් බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. මෙම බහිරවයාට මූල්‍ය අක්‍රමිකතා චෝදනා රැසක් එල්ලවූවෙක්. පෙරදී අප කී මලට ගහන ක්‍රීඩකයාත් විවාහය කටුගා සිටින්නෙක්. මේ අනුව මෙම බහිරවයාගේ දියණිය හා මෙම මලට ගහන ක්‍රීඩකයා හොදින් ගැලපෙනවා. එක් විදෙස් තරගාවලියකදී ඔවුන් දෙදෙනා හමුවී මිතුදමක් අතිවූ බව තතුදත් අය පවසනවා. මේ වන විට එය විවාහයක් දක්වා දුරදිග ගොස් අවසන්. මෙම මලට ගහන සංගමයේ සිටින සිය අනාගත බෑණා වෙනුවෙනුයි වලලු පහේ බහිරව මාමන්ඩිය දර දිය අදින්නේ. මේ නිසාවෙන්ම පසුගිය කාලයේ වලලු පහේ නොමැති තනතුරක් ඇතිකර මෙම බෑණා ගොඩ දැමීමටත් වලලු පහේ මාමන්ඩිය උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුනේ නැහැ. කෙසේ වෙතත් ඔවුන්ගේ ජීවිත එසේ නොවේවායි නව යුවලට සුභ පැතුම් !


No comments:

Post a Comment