ක්‍රිකට් වෙනසක් විය යුතුයි - කුමාර් සංගක්කාර
හිටපු ක්‍රිකට් නායක
කුමාර් සංගක්කාර හා ක්‍රීඩා අමාතය ෆයිසර් මුස්තාෆා මහතා අතර සාකච්ජාවක් අද සවස ක්‍රීඩා
අමාත්‍යාංශය්දී පැවැත්වුණා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කළ යුතු ආකාරය
සම්බන්ධයෙන් මෙම සාකච්ජාව පැවැත්වී තිබෙනවා. එහිදී ක්‍රීඩා නීතිය හා ක්‍රිකට් ව්‍යවස්ථාව
වෙනස්විය යුතු ආකාරය දීර්ඝව සාකච්ජා වූ බව සදහන්. ක්‍රිකට් සංවර්ධනය සදහා
ඉදිරියේදී හිටපු ක්‍රීඩකයින් හා පරිපාලකයින් රැසක් ක්‍රීඩා අමාත්‍යවරයා සමග එක්වනු
ඇතැයි සාකච්ජාවෙන් අනතුරුව ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත
අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පැවසුවා. මේ අතර ලබන 31 වැනිදා පැවැත්වීමට සැලසුම්
කර ඇති ක්‍රිකට් නිලවරණය පිලිබද කිසිවක් සාකච්ජා නොවූ බවයි ඔහු කියා සිටියේ. කෙසේ
වෙතත් ක්‍රිකට් සංවර්ධනයට නම් වෙනසක් සිදුවිය යුතු බවත් ඔහු කියා සිටියා. වත්මන්
ක්‍රිකට් කණ්ඩායම හොද මට්ටමක සිටින බවයි කුමාර් සංගක්කාර වැඩිදුරටත් පැවසුවේ. ඉතා
හොද පුහුණුකරුවෙක් සිටින බවත් ඔහු කියා සිටියා. ක්‍රිකට් සංවර්ධනය සදහා
ඉදිරියේදීත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට සහය ලබදෙන බවයි ඔහු කියා
සිටියේ. ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් විය යුතු බවත් එහිදී ඔහු පෙන්වා දුන්නා.
හිටපු ක්‍රීඩා අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතා සමගත් මෙවැනි සාකච්ජා පැවැත්වුණා. එක්දින වැඩමුළුවක්ද
පැවැත්වුනේ ක්‍රිකට් සංවර්ධනය සදහායි. ඊට වාර්ථාවක්ද ඔවුන් සකස්කර තිබුණා. ක්‍රිකට්
සංවර්ධනය මුවාවෙන් මුදල් ගැරූ අය හා වාර්ථා පිලිබද කීර්තිමත් අතීතයක් ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයට තිබෙනවා. එවැනි හරූන් ලෝගාඩ් වාර්ථාව සකස්කිරීම සදහා ක්‍රිකට්
ආයතනය රුපියල් මිලියන ගණනක් වැයකළා. එහෙත් සිදුවූවක් නැහැ. එදා සිට අද දක්වා වාර්ථා සකස්කිරීමෙන් මෙරට ක්‍රිකට් සදහා වූ කිසිවක් නැහැ.
No comments