අතුරු කමිටුවක් ඕනෑ - අර්ජුන/ බෑ - ක්‍රීඩා ඇමති
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයට අතුරුකිමිටුවක් පත්කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
පරිපාලනය නිවරදි කිරීම සදහා එවැන්නක් සිදුකළ යුතු බවයි අද පැවති උත්සවයකදී කියා
සිටියේ. ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් කිසිදා තිලංග සුමතිපාල මහතා සහය නොදක්වන
කිසිවෙකුට පත්විය නොහැකියි. ඒ පවතින ජරා නිලවරණ ක්‍රමය හේතුවෙන් බවයි අමාත්‍යවරයා
පෙන්වා දුන්නේ. තමන්ට ක්‍රිකට් පරිපාලනයට පැමිණීමට නොහැකිව ඇත්තේ ඒ නිසා බවත්
එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ පසුගිය වසරේ ගිණුම් විගණනය කර විගණකාධිපති වාර්ථාව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්
මුස්තාෆා මහතාට භාරදුන්නා. ඒ ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතායි. ක්‍රීඩා
අමාත්‍යාශයේදී සිදුවූ මෙම හමුවේදී ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 06 ක් ලාභ ලබා
ඇතැයි සදහන්. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ උපයා ඇති ඉහළම ලාභයයි. එක්
කණ්ඩායමක් එක් ජාතියක් තේමාව යටතේ ක්‍රිකට් ආයතනය මෙහෙයවීම මෙම ලාභය ලැබීමට හේතුව
බවයි තිලංග සුමතිපාල මහතා එහිදී ක්‍රීඩා අමාත්‍යවරයාට කියා සිටියේ.
No comments