මෝඩ ජෝඩුව හා සල්ලි දන්සැල
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය සංවිධානය කරන සුපර් ෆෝ එක්දින ක්‍රිකට් තරගාවලිය හිතවතුන්ට මුදල් බෙදා දෙන
දන්සැලක් වී තිබෙනවා. වෙසක් මාසයේ දන්සැල් දෙන්නේ නැත්නම් කවදා දෙන්න දැයි ඔබට දැන්
සිතෙනවා ඇති. මෙම තරගාවලිය ආරම්භ වූයේ ඊයේයි. කෙසේ වෙතත් තරගාවලිය පිලිබද දැනුවත්
කිරීමේ මාධ්‍ය හමුව අද පැවැත්වුනේ කොළඹ තරු 05 හෝටලයකදීයි. එහිදී කණ්ඩායම් හතරේ
නායකයින් අදහස් දැක්වූවා. තරගාවලියේ වැදගත්කම ක්‍රීඩකයින් පෙන්වා දුන්නා.
තරගාවලියට රුපියල් මිලයන
43 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැයකර තිබෙනවා. එසේ තිබියදී තරගාවලියට පෙර ඒ
පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පැවැත්වීමට ඔවුන් අපොහොසත් වීම කැපීපෙනෙනවා. ඒ ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු සේවය කරමින් සිටියදී වීම
කණගාටුවට කරුණක්. වඩා විශේෂ වන්නේ ඔවුන් දෙදෙනා මාසිකව රුපියල් ලක්ෂ 2 ½ වැටුපක් ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයෙන් ලබා ගැනීමයි. මෙලෙස තරගාවලියකට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපොහොසත්
මාධ්‍ය කළමණාකරුවන් දෙදෙනෙක් සේවය කිරීමේ අවශ්‍යතාව කුමක්ද ? ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතන ඉතිහාසයේ මාධ්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු කිසිදා සිට නැහැ. දෙදෙනෙකු සිටියද පෙර
සිදුකළ එක් අයෙකුගේ කටයුත්ත හෝ ඔවුන් සිදු කිරීමට අපොහොසත්වීම කැපීපෙනෙනවා. තරු 05
හෝටලයක අද පැවැත්වූ මාධ්‍ය හමුවට කීයක් නම් වියදම් වන්නට ඇත්ද ? මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිතවතුන්ට රැකියා ලබා දෙන ස්ථනයක් බව නොවේද ?
No comments