ෆයිසර් ගෙල වැලලා ගනී ?
නිලවරණ කල් දැමීමට ප්‍රසිද්ධියක්
උසුලන ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ක්‍රීඩාවට එම ඉරණම අත් නොකරන බව අද පැවසුවා.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල කප්පාදු කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා
සිටියා. ජාතික ක්‍රීඩා කණ්ඩායමක් තෝරා ගත් විට අමාත්‍යවරයා අනුමැතිය ලබා දිය
යුතුයි. ඔවුන්ව තේරීම සිදුකරන තේරීම් කමිටුව නම් කිරීම සදහාද අමාත්‍ය අනුමැතිය ලබා
ගත යුතුයි. කෙසේ වෙතත් මෙම කටයුතු සදහා ඉදිරියේදී ස්වාධීන කමිටුවක් පත්කිරීමට සලකා
බලන බවත් ඔහු කියා සිටියා. ජාතික ක්‍රීඩා සංගම් අත්තනෝමතිකව කටයුතු කිරීම වැලකී
ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා සතු මෙම නිශේධ බලය පැවතීම හේතුවෙන්. එය ඉවත්කිරීමට පෙර
යලිත් අමාත්‍යවරයා සංඝායනාවක් කළ යුතුයි.
මේ අතර කුමාර සංගක්කාර
සමග ක්‍රිකට් දියුණු කිරීම සදහා සාකච්ජාවක්ද අමාත්‍යවරයා පවත්වා තිබෙනවා. එහිදී ඊට
සැලැස්මක් ඉදිරිපත් කිරීමටත් සංග එකල වූ බව සදහන්. තවත් හිටපු ක්‍රීඩකයින් රැසක්
දායකත්වය ලබා දීමටත් එකගතාව පළකර තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි සැලසුම් මීට වසර 05
කට පෙර සිටම වරින් වර ඉදිරිපත් වනවා. දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස
සිටි සමයේ මෙලෙසම ක්‍රීඩකයින් / හිටපු ක්‍රීඩකයින් / නිලධාරීන් හා මාධ්‍යවේදීන්
එකතුකර එක්දින වැඩමුළුවක් පැවැත්වූවා. එහිදීද සැලැස්මක් සකස්කිරීම සිදුවුණා. නමුත්
ඉන් සිදුවූයේ ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවතට විසිවීම පමණයි. ඒ ඔහු මෙම වැඩමුළුවේදී
බොහෝ කරුණු විවේචනයක් ලෙස ප්‍රකාශ කිරීම නිසා බවයි ක්‍රිකට් පිටියේ බොහෝදෙනෙකු
පවසන්නේ.
No comments