මතී දොට්ට දැමූ කැරැල්ල
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය මේ වන විට දෙදරුම් කා ඇති බව නොරහසක්. නියෝජ්‍ය කථානයක කමින් තිලංග ඉල්ලා
අස්වීමත් සමග යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට ඔහුට පැමිණිය නොහැකි
තත්වයක් මතුව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 31 වැනිදා
පැවැත්වෙන බව මේ වන විට නිවේදනය කර අවසන්. එහි සභාපති තනතුරට වත්මන් සභාපති තිලංග
සුමතිපාල මහතා / මොහාන් ඩි සිල්වා හා නිෂාන්ත රණතුංග මහතා ඉදිරිපත්ව සිටිනවා. කෙසේ
වෙතත් සුමතිපාල පවුලේ බූදල් නඩුව තිලංගට අවාසි වන තත්වයක් නිර්මාණය කර තිබෙනවා.
මේ අනුව ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වනු ඇති.
කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී
ලංකා ක්‍රිකට් සභාපති තනතුරට තිලංග සමගින් වත්මන් උප සභාපති කේ මතිවානන් මහතා
ඉදිරිපත්වන බව දැනුම්දී තිබුණා. මතිවානන් මහතාව ගොනාට ඇන්දවීමයි එහිදී සිදුවුනේ.
තිලංග සභාපති අපේක්ෂකත්වය ලබාදීමට කැමති වූවත් ක්‍රිකට් ආයතනයේ හොරු රැල ඊට ඉඩ ලබා
දුන්නේ නෑ. ඒ මතිවානන් හොරකමට දූෂණයට හා වංචාවට එරහි පුද්ගලයෙක් නිසාවෙනුයි. ඇතැම්
දිනවල රෑ 11 වන තුරුත් ක්‍රිකට් ආයතනයේ සාකච්ජා පැවැත්වී ඇත්තේ මතිවානන් දොට්ට
දැමීමේ සැලසුම සකස්කිරීමටයි. ඔවුන්ගේ අරමුණ ඉටුවීම හේතුවෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ සභාපති තරගය මොහාන් හා නිෂාන්ත අතර පැවැත්වෙනු ඇති. මතීව දොට්ට දැමූ
කැරැල්ලේ සිටි මහමොලකරුවන් ඉදිරියේදී ලංකා ස්පෝට්ස්
නිව්ස් ඔබ වෙත ගෙන ඒමට සූදානම්.
No comments