• Breaking News

    අලි බබා සහ හොරු හතලිහ


    මොහාන් සභාපති සටනට ඇද දැමූ පිරිස බොරදියේ මාලු බෑමට දත කට නියවමින් සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපති කේ මතිවානන් මහතාගේ නම පළමුව තිලංගගේ සැදෑ ආරක්ෂකයා ලෙස නම් කිරීමට නියමිතව තිබුණා. එය සිහිනයක් කිරීමේ කටයුත්ත කළේ සුජීව ගොඩලියද්ද / අරුණ ද සිල්වා / ශම්මි සිල්වා හා රවීන් වික්‍රමරත්න බවයි තතු දත් උදවිය පවසන්නේ. මෙම මෙහෙයුම සදහා ඇතැම් රාත්‍රියන්නේ සාකච්ජා රාත්‍රී 11 වන තුරුම සිදුව ඇතැයි සදහන්. මතිවානන් ගොනාට ඇන්දූ මෙහෙයුම ඔවුන් සාර් ථකව සිදුකළ බව පසුගියදා සවුදිය පුරා ඇති බවයි ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පවසන්නේ.
    මෙලෙස ක්‍රිකට් ආයතනයේ බල අරගලය සිදුවෙද්දී රටේ දේශපාලන බල අරගලයක්ද සිදුවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තිලංගට ගෙදර යන්න සිදුවීම කිසිවකුට වැලැක්විය නොහැකි වනු ඇති. කෙසේ වෙතත් මෙම සියළු සිදුවීම් රටේ ක්‍රිකට් අනාගතයට යහපත් ලෙස බලපානු ඇති. තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගන්නා විට ලොව බොහෝ රටවල් මෙරට ක්‍රිකට් කණ්ඩායමට බියවුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අවස්ථාවක තරගයක් වෙනස්කළ හැකි කණ්ඩායමක් වීම හේතුවෙන්. රටේ පරිහානියට වූ වෙනස මෙන් විශාල වෙනසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ද සිදුවූ බව ඔබට මතක ඇති. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව මෙරටදීම අන්ත පරාජයන්ට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පවා සිදුවීමයි. 


    No comments