සිංහයින් දෙන්නාගේ පොරය
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ කළමණාකරු හා ඉහළ දක්ෂතා කළමණාකරු අසංක ගුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට්
ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු සේවක මණ්ඩලයෙන් විරෝධය එල්ල වී
තිබෙනවා. මීට පෙර ඔහුගේ කටයුතු වලට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින්ගේ
විරෝධයද එල්ලවුණා. එය තවමත් පවතිනවා. හතුරුසිංහ පවසා ඇත්තේ ගුරුසිංහගේ ඇතැම් ක්‍රියාකළාපයන්
වලට එකග විය නොහැකි බවයි. එය පාලනය කිරීමට තමන්ට නොහැකි තත්වයක් පවතින බවයි
හතුරුසිංහ ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ.
මෙම තත්වය තුල බොහෝ කලක්
හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරනු ඇති. එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් යලි
අගාදයට වැටෙනු ඇති. පරාජයන් රැල්ලකට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසක්
නොකර යලි ජයග්‍රාහී මාවතට ගෙන ඒමට සමත්වූයේ හතුරුසිංහ බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඉතින් ඔහු ඉවත්වුවහොත් පරාජයන් රැල්ලක පැමිණීම නියතයි. මේ අතර ඇන්ජලෝ මැතිව්ස්
හිටි හැටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූයේ අසංක ගුරුසිංහගේ පීඩනය දරා
ගත නොහැකි වීම හේතුවෙන් බව මාධ්‍ය වාර්ථා කළා ඔබට මතක ඇති.
No comments