Thursday, June 7, 2018

කෙදෙව්වන් දණ ගැස්සූ කුමාරයා


සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි කෙදෙව් පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ ලැබුනේ නැහැ. ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රෙත්වැයිට් ලකුණු 03 ක් ලබා සිටියදී තරග නරඹන්නකු බවට පත්කිරීමට සුරංග ලක්මාල් සමත්වුණා. කෙසේ වෙතත් ශායි හෝප් ලකුණු 44 ක් හා නායක ජේසන් හෝල්ඩර් ලකුණු 40 ක් ඉනිමට එක්කළා. දිනය නිමාවන තුරු කඩුල්ලේ නොදැවී රැදී සිටි ශේන් ඩොරික් ලකුණු 46 ක් ලබා ගත්තේ පන්දු 133 ක්ට මුහුණ දෙමින්. පන්දු යැවීමේදී දස්කම් දැක්වූ ලහිරු කුමාර කඩුලු 03 ක් දවා ගත්තා. රංගන හේරත් හා සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින් ඩැහැ ගත්තා. අද තරගයේ දෙවන දිනයයි. 


No comments:

Post a Comment