සුද්දන්ට පිහිට වූ වැහි දෙවියන්
ශ්‍රී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය
ජය ගැනීමට සංචාරක එංගලන්තය සමත්වුණා. කෙසේ වෙතත් ඔවුන් ජය ගත් තරග තුනම තීරණය වුනේ
ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි. එක්දින තරග හතරෙන් එක් කණ්ඩායමක් නියමිත පන්දුවාර
50ම ක්‍රීඩා කලේ හතරවන එක්දින තරගයේ පමණක් වීම කැපී පෙනෙනවා. තරගාවලියේ පළමු තරගයේ
සිට ක්රමික වර් ධනයක් පන්දුවාර සංඛ්‍යාවේ දක්නට ලැබුණා. මේ අනුව දෙරට අතර
පැවැත්වීමට නියමිත පස්වන හා අවසන් එක්දින තරගයට වර් ශාවෙන් බාධාවක් විය නොහැකියි.
එම තරගය ලබන 23 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට
නියමිතයි.

No comments