Tuesday, November 20, 2018

චන්දිමාල්ගේ පරීක්ෂණ වාර්තාව හංගලා


ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 23 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී ආරම්භවීමට නියමිතයි. ඊට නම් කළ සංචිතයට නවක මුහුණක් එක්කර තිබෙනවා. ඒ දග පන්දු යැවීමේ ක්‍රීඩක නිෂාන් පීරිස්. දග පන්දු යැවීමේ ක්‍රීඩක අකිල ධනංජයට පන්දුව දමාගැසීමේ චෝදනාව පසුගියදා එල්ල වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුගේ ඉරියව්ව බ්‍රිස්බෙන් ජාතික ක්‍රිකට් ඇකඩමියේදී ලබන 23 වැනිදා පරීක්ෂාවට ලක්කිරීමට නියමිතයි. මේ හේතුවෙන් ඔහුගේ ස්ථානයයි නවක ක්‍රීඩක නිෂාන්ට ලබාදී ඇත්තේ.
මේ අතර තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වුණා. මේ හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමි වුණා. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ සුරංග ලක්මාල්. තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා චන්දිමාල්ගේ ශරීර යෝග්‍යතාව පරීක්ෂා කිරීම ඊයේ සිදුවුණා. එහෙත් එහි ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැහැ. මෙම වාර්තාව පිලිබද මාධ්‍යවේදීන් විමසා සිටියද ඊට පිලිතුරු ලැබුනේ නැහැ. මෙම වාර්තාව සගවා තබා ගත හැක්කේ අනිද්දා දක්වා පමණයි. ඒ එදින 12.30 ට මාධ්‍ය හමුවක් සිංහල ක්‍රීඩා සමාජයේදී පැවැත්වීම හේතුවෙන්. ඇතැම්විට යලි ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකිරීම සදහා කල් මැරීම ඊට හේතුවිය හැකියි.

No comments:

Post a Comment