සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති එක්දින /
ටෙස්ට් හා පන්දුවාර 20 සියළු තරගාවලි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්වුණා.
කලක සිට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පරාජයන්ට වගකිව යුතු බව අප පෙන්වා
දුන්නා. ඒ උදාහරණ සහිතවයි. පසුගිය වසර තුල පැවති ක්‍රිකට් තරගාවලි 05 ම ශ්‍රී
ලංකාව පරාජයට පත්වුණා. එම සියළු තරගාවලි සදහා කණ්ඩායම නම් කිරීමේදී සෑම වැටම ක්‍රීඩකයින්
05 දෙනෙකුට අධික පිරිසකට සිය ස්ථානය අහිමිවුණා. කිසිදු විටක කණ්ඩායමට ස්ථාවර වීමට
ඉඩ ලබා දුන්නේ නැහැ. ක්‍රිකට් තේරීම් කමිටුවේ ග්‍රැහැම් ලැබ්රෝයිගේ ප්‍රධානත්වයෙන්
පස් දෙනෙකු කටයුතු කළා. ගාමිණී වික්‍රමසිංහ / එරික් උපශාන්ත / චන්දික හතුරුසිංහ හා
ජෙරී වව්ටස් එම කමිටුවේ සෙසු පිරිසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති
ලෙස අසන්ත ද මෙල් පත්කර තිබෙනවා. බ්‍රෙන්ඩන් කුරුප්පු / හේමන්ත වික්‍රමරත්න හා චමින්ද
මෙන්ඩිස් එහි සෙසු සාමාජිකයින් වනවා. නිල බලයෙන් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ
එහි සාමාජිකයෙක් වනවා. මේ අනුව පංච පුද්ගල කමිටුව සම්පූර් ණ වනවා. ඔවුන්ට ඇති පළමු
රාජකාරිය වන්නේ නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම නම් කිරීමයි. පෙර වැරදි
නොකරන අලුත් වැරදි නොවන ජයග්‍රහණය සදහා කණ්ඩායම ගෙන යන තේරීම් කමිටුවක් බවට ඔවුන් පත්වේවා
යන්න Lanka Sports News පැතුමයි.
No comments:
Post a Comment