Monday, November 5, 2018

මුරලි සෙවනැල්ලට වැසුනු රංගනය


ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව හොදම දග පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් බව අවිවාදිතයි. එලෙසම ශ්‍රී ලංකාවෙන් ලොව හොදම වමත් පන්දු යවන්නා ද බිහිවී තිබෙනවා. ඒ රංගන හේරත්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග හෙට ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයේදී රංගන ක්‍රිකට් දිවියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ රංගන සිය සමුගැනීම ද එම ක්‍රීඩා පිටියෙන් සිදුකිරීම කැපීපෙනෙනවා.
මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා තුරු රංගනට කණ්ඩායමේ ස්ථානයක් වෙන්වූයේ නැහැ. කෙසේ වෙතත් මුරලිගේ සමුගැනීම ශ්‍රී ලංකාවට දැනෙන්නට ඉඩ ලබා නොදුන් ක්‍රිඩකයා ලෙස රංගන හැදින්විය හැකියි.

No comments:

Post a Comment