• Breaking News

    හතුරුසිංහගේ පඩි වැඩිවේ


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා පරාජයන් රැල්ලකට මුහුණ දී සිටිනවා. ඊට හේතුව වී ඇත්තේ ක්‍රීඩකයින් සුපුරුදු දක්ෂතා අතරට නොපැමිණීමයි. මෙම තත්වය වෙනස් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලය පුරා වෙනස්කම් රැසක් සිදු කරනු ලැබුවා. මෙම වසර තුල තේරීම් කමිටුව අවස්ථා දෙකකදී වෙනස් වී තිබෙනවා. ආසියාවේ වැඩිම මාසික වැටුපක් හා පහසුකම් ලැබූ පුහුණුකරුවෙක් වූ චන්දික හතුරුසිංහගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමිවන්නේද ඒ යටතේයි. එහිදී හතුරුසිංහ කැපකිරීමක් සිදුකර තනතුර භාරගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට පෙර දැක්වූ දක්ෂතා හෝ ප්‍රදර් ශනය කිරීමට නොහැකිව ඇති බව රහසක් නොවේ. පසුගියදා සංචාරක එංගලන්ත කණ්ඩායම කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම නින්දා සහගත පරාජයකට ලක්කළා. මේ වන විට ඇමරිකානු ඩොලරය රුපියල් 180 ක සීමාවට ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙම මාසයේ හතුරුසිංහගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 54 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලාශ්‍ර අනාවරණය කරනවා. ඒ හතුරුසිංහට මාසිකව ඇමරිකානු ඩොලර් 30 000 ක මුදලක් ගෙවීම හේතුවෙන්.

    No comments