
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා පත්කරනු ලැබුවා. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන මෙම නිලවරණ කමිටුවට ඇතුළත්. ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි ජන්දය හිමි ක්‍රීඩා සංගම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලයිස්තුව පිලිබද විරෝධතා ඇත්නම් එය ලබන 21 වැනිදාට පෙර ලැබීමට සලස්වන ලෙසයි දැනුම් දී ඇත්තේ. එම ලයිස්තුවට විරෝධතා ගොනු කිරීම ලබන 26 වැනිදාට පෙර සිදුකළ යුතුයි. එම විරොධතා මෙම ත්‍රිපුද්ගල කමිටුව සලකා බලනු ඇති. ඊට එකග විය නොහැකි නම් ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කළ යුතුයි. එවිට එම විරෝධතා පරීක්ෂා කිරීමට වෙනත් කමිටුවක් පත්කරනු ඇති.
No comments:
Post a Comment