ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව
සම්බන්ධ පුද්ගලයින්ට ක්‍රිකට් ආයතන සදහා පත්විය නොහැකි බවට වන නීතියක් ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලය ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වනවා. ක්‍රිකට් ක්‍රීඩාව ඔට්ටු අල්ලන්නන්ගෙන්
බේරා ගැනීම එහි අරමුණ බව සදහන්. එම තහනම සම්බන්ධ නීති ඉදිරි සතිය තුල ප්‍රසිද්ධ
කරනු ඇති. අල්ජසීරා නාලිකාව පසුගිය කාලයේ මුදලට තරග පාවාදීම් සම්බන්ධ වාර්තා වැඩසටහන්
කිහිපයක් ඉදිරිපත් කළා. ඒ බුකීකරුවන් සමග සිදුකල රහසිගත පටිගත කිරීම් සහිතවයි.
එහෙත් එම වාර්තා වැඩසටහන් සංස්කරණය නොකළ දර්ශන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට
ලබාදීම ඔවුන් ප්‍රතික්ෂේප කළා. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණතීරුව බුකීකරුවන්ට
අවශ්‍ය ලෙස සකස්කළ හැකි බවට ක්‍රීඩාංගණ කළමණාකරු පවසන දර්ශනද සහිත එක් වැඩසටහනක්
වුණා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හා හිටපු ක්‍රිකට්
ක්‍රීඩක ජීවන්ත කුලතුංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ චෝදනාවන්ට
ලක්වුණා. එම ඒකකයේ ප්‍රධාන ඇලෙක්ස් මාෂල් මහතා කියා සිටියේ ලොව ක්‍රිකට් ක්‍රීඩා
කරන රටවල් අතර දූෂිතම රට ලංකාව බවයි. තත්වය මෙසේ පැවතුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව
සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් ඔහු කියා සිටියා.

තිලංග සුමතිපාල මහතා වක්‍රව සූදු ව්‍යාපාරයට
සම්බන්ධ බවට අධිකරණයේ විභාග වන නඩුවක් පවතිනවා. මේ හේතුවෙන් ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතන නිලවරණය තිලංග සුමතිපාල මහතා නොමැති එකක් වනු ඇතැයි බොහෝදෙනෙකු මත පළ කරනවා.
No comments:
Post a Comment