Monday, November 26, 2018

මාධ්‍ය ඔස්තාර්ලාගේ SLC අම්බලම


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට අම්බලමක් බවට පත්ව තිබෙනවා. ඒ රැකියා නොමැති පිරිසකට ඉහළ වැටුප් සමගින් නවාතැන්දීම හේතුවෙන්. මෙම පිරිසගෙන් ක්‍රිකට් ආයතනයට කිසිදු සේවයක් ලැබෙන්නේ නැහැ. ඉහළ මාසික වැටුප් ලබන ලංකාවේ වැඩිම පිරිසක් සිටින ආයතන අතර පළමු තැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිනාගෙන සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමනාකරු වුනේ දිනේෂ් රත්නසිංහම්. ඔහු දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයකු හා එංගලන්තයෙන් පිටුවහල් කළ අයෙක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අනාවරණයක් සිදුකළා. එහෙත් ඔහු තවමත් ක්‍රිකට් ආයතනයේ සේවය කරනවා. ඒ මාධ්‍ය පහසුකම් සැපයීමේ කළමණාකරු ලෙසයි. ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ දෙකහමාරක මාසික වැටුපක් හිමිවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීට පෙර මෙවැනි තනතුරක් තිබුනේ නැහැ. මේ අතර ඔහු කලින් සිටි මාධ්‍ය කළමණාකරු ආසනය හිමිව ඇත්තේ ප්‍රසන්න රොද්‍රිගුටයි. ඔහුට මාසිකව රුපියල් ලක්ෂ 3 ක වැටුපක් ගෙවනු ලබනවා.
ලොක්කන් දෙදෙනා එලෙස සිටිද්දී ලේඛකයින් දෙදෙනෙකුගේ සේවයද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව තිබෙනවා. ඒ බන්දුල මොල්ලිගොඩ හා ශ්‍රීයාන් ඔබේසේකරයි. ඔවුන් දෙදෙනාටද මාසිකව රුපියල් 60 000 බැගික් ගෙවනු ලබනවා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේඛකයින්ට කිසිදු රාජකාරියක් ඇත්තේ නැහැ. ක්‍රිකට් ආයතනය යනු මාධ්‍ය ආයතනයක් නොවීම ඊට හේතුවයි.
මේ අතර රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක් හිමි තවත් සේවකයින් දෙදෙනෙකු සිටිනවා. ඒ නිලූෂි  හා මනුජිත්. නිලූෂිගේ කාර්ය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමු හා තිලංග සුමතිපාල මහතාගේ පෞද්ගලික කාර්යයන්.
මේ අතර වසර 10 කට අධික කාලක් පුරා මාධ්‍ය කුටියේ නිතර දකින් ලැබෙන චානක ද සිල්වා සිටිනවා. කවුරුන් ගියද ඔහුගේ තැන නැතිවූයේ නැති වීමත් කැපී පෙනෙනවා. ඔහුටද මාසිකව රුපියල් 50 000 ක වැටුපක් හිමියි. මෙවැනි සේවකයින් රැසක් සිටියද ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලියේදී මාධ්‍ය සදහා කලට වේලාවට පහසුකම් ලබාදීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත්වූයේ නැහැ. හොදම උදාහරණය වන්නේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ මාධ්‍ය කුටියේ දිවා ආහාරය ප්‍රමාදවීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකය මෙලෙස විශාල අනාතාගාරයක් බවට පත්වුනේ තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වය යටතේයි. ක්‍රිකට් මාධ්‍ය ඒකකය පමණක් නොව සමස්ථ ක්‍රිකට් ආයතනයම මෙලෙස අනාතාගාරයක් වී අවසන්. ඒ පිලිබද තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට Lanka Sports News සූදානම්. කණගාටුවට කරුණ වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාද කිසිදු ප්‍රයෝජනයක් නොමැති මෙම අනාත කදවුරු ආරක්ෂා කිරීමයි.

No comments:

Post a Comment