• Breaking News

    නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය අසලංකට


    ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය ලබාදෙන එලබෙන ආසියා කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය ලබන 07 වැනිදා ආරම්භවීමට නියමිතයි. තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන අනෙක් රට පාකිස්ථානයයි. කණ්ඩායම් 08 ක් තරගවදින තරගාවලියේ ඒ ඛාන්ඩය යටතේයි ශ්‍රී ලංකාව තරග වදින්නේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චරිත් අසලංකයි. උප නායකත්වය ශම්මු අශාන්ට හිමිව තිබෙනවා. කමිදු මෙන්ඩිස් / අවිශ්ක ප්‍රනාන්දු / හසිත බෝයගොඩ / සදුන් වීරක්කොඩි / අසේල ගුණරත්න / නිෂාන් මධුෂ්ක / ජෙෆ්රි වැන්ඩසි / ලසිත් ඇඹුල්දෙනිය / නිෂාන් පීරිස් / ශෙහාන් මධුෂංක / අසිත් ප්‍රනාන්දු / ජෙහාන් ඩැනියෙල් හා චාමික කරුණාරත්න සෙසු ක්‍රීඩකයින් ලෙස නම්කර තිබෙනවා.
    තරගාවලියේ අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කාල සටහන පහත දක්වා තිබෙනවා.
    Group ‘A’ Itinerary

    DATE
    MATCH
    VENUE
    07th December, 2018
    Sri Lanka vs Oman
    India vs Afghanistan
    RPICS
    CCC
    08th December, 2018
    Sri Lanka vs Afghanistan
    India vs Oman
    CCC
    RPICS
    10th December, 2018
    Sri Lanka vs India
    Afghanistan vs Oman
    RPICS
    CCC
    13th December, 2018
    Semi Finals ( B1 v A2 & B2 v A1)

    RPICS & CCC
    15th December, 2018
    Finals
    RPICS


    No comments