• Breaking News

    අන්ධයාගේ නිධානය රකින්න දාපු හොරු


    වක්කඩේ හකුරු හංගන්න දක්ෂ පාලකයෙක් අන්දයාගේ නිදානය රකින්න හොරු මුලකට භාරදී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් 20දෙනෙකුගේ කොන්ත්‍රාත් කාලය ලබන 31 වැනිදා වන විට අවසන් වනවා. එය කිසිදු සොයා බැලීමකින් තොරව දීර්ඝ කිරීමට පසුගියදා සූදානම් වුණා. එහෙත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා එය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින්. එහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබුනේ යලි සම්මුඛ පරීක්ෂණ පවත්වා කොන්ත්‍රාත් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසයි. ඒ මෙම බොහෝ සේවකයින් නිසි ක්‍රමවේදයන්ට පරිභාහිරව පත්වීම් ලැබීම හේතුවෙන්. මේ අතර පිරිසකට උසස්වීම්ද ලබාදීමට සූදානම්ව සිටියා. ඒ සුදුසුකම් සම්පූර්ණ නොකළ පිරිසක්.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශ කළමණාකරු ලෙස අසන්ත දසනායක කලක සිට කටයුතු කළා. ඒ රුපියල් ලක්ෂ දෙකහමාරක මාසික වැටුපකටයි. ඔහු සේවය කරන අතරතුරදීම පරිපාලන අංශ ප්‍රධානී ලෙස නව තනතුරක් නිර්මාණය කර අරුණ ද සිල්වා බදවාගැනීමට කටයුතු කළා. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා එය සිදුකරනු ලැබුවේ සන්තෝසම් ලබාදීමක් ලෙසයි. අරුණ යනු තිලංගගේ දේශපාලන කටයුතු සදහා සහය ලබාදෙමින් කටයුතු කරන අයෙක්. එමෙන්ම ඔහු අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට පැමිණීම වැලැක්වූ ඉත්තෙක්. ඒ වෙනුවෙන් පරිපාලන අංශ ප්‍රධානී තනතුරක් නිර්මාණය කර මාසිකව රුපියල් ලක්ෂ 05 ක වැටුපක් සමග අරුණ ද සිල්වා බදවාගෙන තිබෙනවා.
    මෙලෙස ප්‍රධානීන් දෙදෙනෙකු සිටියදී පරිපාලන අංශ සහයිකා එරංගා රන්දෙනියට උසස්වීමක් ලබාදීමටයි පසුගියදා සූදානම් වුනේ. ඒ පරිපාලන අංශ කළමණාකාරියක් ලෙසයි. එරංගා යනු මැක්ස් ඇකඩමියේ සේවයට වාර්තා නොකරමින් වසරක් පුරා වැටුප් ලැබූ බුවනෙක රන්දෙනියගේ බිරිදයි. අන්ධයාගේ නිධානය ගොඩදාන්න හිටපු සභාපති තිලංග සුමතිපාල මෙලෙස සුදුසුකම් නැති බොහෝ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට බදවාගෙන ඇතැයි චෝදනාවක් පවතිනවා.

    No comments