අන්ධයාගේ නිධානය ගොඩදායි
මැණික් ගලේ පය වැදුනට කණා අහුල ලා ගනීද ? කොතෙක්
කිවත් මෝඩයාට උගේ ගතිය ඌ අරීද ? මේ කවිය ජයවහරට එකතුවන කාලයේත් ශ්‍රී ලංකා ක්‍රිකට්
නම් ආයතනයක් තිබුනේදැයි හිතෙන තරම් බව ඇතැම් විචාරකයින් පවසනවා. අන්ධයාගේ නිධානය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව ඉන් පින් පඩි ලබන අය පැවසීම මෙම තත්වයට හේතු වී
ඇතැයි අප කළ සොයා බැලීමකදී පෙනී ගියා.
මීට වසරකට පෙර බුවනෙක රන්දෙනිය මානසික ආබාධයක්
ඇතැයි පවසා වැටුප් සහිත නිවාඩු ලබා ගත්තා. ඒ මාස තුනක කාලයක් සදහායි. ක්‍රිකට්
ආයතනයේ මැක්ස් ඇකඩමියේ සේවයේ නියුතු ඔහුට මාසික වැටුප රුපියල් එක් ලක්ෂ විසිදහසක්
බව සදහන්. නිවාඩු ලබාදුන් කාලයට අමතරව තවත් මාස නවයක කාලයක් ඔහු වැටුප් සහිත
නිවාඩු ලබාගෙන තිබෙනවා. මේ පිලිබද සිදුකළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන
විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට අභියෝගයක් කිරීමට බුවනෙක කටයුුතු කර ඇතැයි
වාර්තා වනවා. “
මේක අන්ධයගෙ බූදලය.
පුළුවන් නම් පඩි ගෙවන් නැතුව ඉදල බලපන්කෝ. උබත් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා
වුනේ සුදුසුකම් නැතුව. මගෙන් ඒව එලියට දා ගන්නද ඕන ද ?. “ මෙලෙස උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා. ඉන්පසු
සේවයට වාර්තා නොකලද බුවනෙක රන්දෙනියට වැටුප් සහිත නිවාඩු ලබාදීමට පියවර ගෙන
තිබෙනවා. මෙම කරුණු අසත්‍ය නම් නිවේදනයක් නිකුත් කර ඒ බව ප්‍රසිද්ධියේ පවසන ලෙස ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයෙන් Lanka Sports News ඉල්ලා සිටිනවා. එවිට එය මෙලෙසම වාර්තා කිරීමට අප බැදී සිටිනවා. ඉදිරි ලිපියෙන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු නිර්මාණය කරමින් හිටපු සභාපති තිලංග සුමතිපාල
මහතා සුදුසුකම් නැතිව සේවකයින් බදවා ගත් ආකාරය බලාපොරොත්තු වන්න.
No comments