තිලංගට දාපු නඩුවෙන් එලියට ආපු SLC හොරකම - Video
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නීති විරෝධීව
පැවැත්වීමට සූදානම් වන බව හා එහි සභාපතිධූරයට තිලංග සුමතිපාල මහතා ක්‍රීඩා
රෙගුලාසි හා පනත උල්ලංඝණය කරමින් ඉදිරිපත්වීමට එරහිව ගොනුකළ රීට් පෙත්සම විභාග කිරීම
ලබන සදුදාට සිදු කිරීමට අභියාචනාධිකරණය දින නියම කළා. ඒ නඩුව සම්බන්ධයෙන් ගොනුකර
තිබූ විරෝධතා ඊයේ ( 30 ) සැලකිල්ලට ගනිමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය
පැවැත්වීම සදහා මේ වන විට නිලවරණ කමිටුව පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයා
හරහා ඊයේ දැනුම්දුන්නා. මීලගට සිදුකළ යුතු වන්නේ නාමයෝජනා භාර ගැනීම බවත් එහිදී
අධිකරණයට දන්වා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිෂාන්ත රණතුංග
මහතායි මෙම නඩුව ගොනුකරනු ලැබුවේ. දින නියම කිරීමෙන් පසු අධිකරණ භූමියේදී නිෂාන්ත
රණතුංග මහතා මෙලෙස නඩුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
No comments