Saturday, January 12, 2019

ටී 20 තරගය බලන්න බැරිවූ අයට - Video


නවසීලන්ත සංචාරය නිමා කරමින් දෙරට අතර පැවති අවසන් තරගය වූ පන්දුවාර 20 යි 20 තරගයේදී ලකුණු 35 කින් ශ්‍රී ලංකාව පරාජය වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසියේ වෙනස්කම් 05 ක් සමගයි.
තරගයේ මුල සිටම නවසීලන්ත පිතිකරුවන් එතරම් සාර් ථක වූයේ නැහැ. මේ අනුව පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 07 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සුපුරුදු පරිදි ලකුණු අතරට පැමිණියේ නැහැ. පිතිකරුවන් 07 දෙනෙකු ලකුණු 10 සීමාව පසුකිරීමට පෙර දැවී ගියා.මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 ක් අවසානයේ සියළුදෙනා දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 144 ක් පමණයි.
වීඩියෝව
පෙර ලිපිය

No comments:

Post a Comment