• Breaking News

    ක්‍රිකට් හොරු සමග හෙලුවෙන් යන අය




    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පසුගිය වසරේදී පත්කළ බව හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවා. එය ඔහුගේ දක්ෂතාවට සිදුවූ බවයි පාරම්බෑවේ. එහෙත් සත්‍යලෙසම සිදුව ඇත්තේ හිටපු ලේකම් නිෂාන්ත රණතුංග මහතාගේ පාලන සමයේ අත්සන් කළ ගිවිසුම් ගත මුදල් ලැබී තිබුනේ තිලංගට වීමයි. කෙසේ වෙතත් මෙම අවුලෙන් උපරිම පල නෙලාගත් තිලංග සිය ප්‍රතිරූපය එමගින් ඉහළටම ඔසවා ගත්තා.
    තිලංගගේ සභාපතිධූරය අභියෝගයට ලක්ව නිසි බලධාරියකු පත්වීමත් සමග ක්‍රිකට් ආයතනයේ සිදුකිරීමට ගිය මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් එලියට ආවා. හාල් මැස්සන් හසුවූ එම වංචාව මෙරටට හිමිවිය යුතු ක්‍රිකට් තරග විකාශන ගිවිසුමේ මුදල් වෙනත් රටක ගිණුමකට බැරවීමයි. මේ අනුව ක්‍රිකට් ආයතනයේ මුදල් මීට පෙර නිවරදිව නිසි කාලයේ භැරවී ඇත්ද බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණා.
    තත්වය මෙසේ තිබියදී ක්‍රිකට් ආයතනයේ දූෂණ / වංචා හා අක්‍රමිකතා සිදුව ඇත්දැයි පරීක්ෂණයක් සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබෙනවා. 2016 වසරේ ජනවාරි 31 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු පිලිබද වෝහාරික විගණනයක් සිදුකිරීමට මේ යටතේ කටයුතු කෙරෙනවා. එහි වාර් ථාව සති දෙකක් තුල ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතාට නියෝග කර ඇතැයි සදහන්. දැන් ක්‍රිකට් ආයතනය සිය බූදලය කර ගනිමින් කටයුතු කළ අය පිලිබද තොරතුරු වෙතොත් හෙලිවීම වැලැක්විය නොහැකි වනු ඇති. හොරු සමග හෙලුවෙන් සිටින පිරිස එවිට හදුනා ගැනීම පහසුවනු ඇති. ඊට මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක්ද සිටිය හැකි බවයි වාර්තා වන්නේ.
    පෙර ලිපි




    No comments