හතුරුට තේරීම් කමිටුව හතුරුවුන හේතුව
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව
තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක‍්‍රීඩා
ඇමැති හරීන් ප්රනාන්දු මහතා ඊයේ (28 ) පියවර ගෙන තිබෙනවා. එ් අනුව
ඉදිරියේදී ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට ඔහුට මැදිහත් වීමේ හැකියාවක් නැහැ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ
එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට උඩින්
කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ
ඉවත් කර ඇතැයි සදහන්.
එ් අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම
සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක‍්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක‍්‍රිකට්
තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම
සාමාජිකයන් වෙත ඊයේ භාරදී තිබෙනවා. තේරීම් කමිටුව විසින් සංචිතයකට නම් කරන ක‍්‍රීඩකයන්
අතරින් අවසන් එකොළොස් දෙනා තේරීම ඉදිරියේදී බහුතර කැමැත්ත අනුව සිදුකරන අතර එම
තේරීම් වලටද හතුරුසිංහට මින් ඉදිරියට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. තේරීම් කමිටු
සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන් තිදෙනා සමග කණ්ඩායම් කළමනාකරු සහ නායකයා එක්ව අවසන්
එකොළොස් දෙනා බහුතර කැමැත්තෙන් තේරීම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට්
තරගයේ සිට ක‍්‍රියාත්මක වනවා. චන්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම්
කමිටුවේ සාමාජිකත්වයද ඉල්ලා සිටිමින් රුපියල් ලක්ෂ 75 කට වඩා වැඩි වැටුපකට ශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රී
ලංකා ක‍්‍රිකට් පුහුණුකරු ධුරයට ඉකුත් වසරේදී පත්වුණා.
නමුත් ඔහුගේ පැමිණීමෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ
කිසිදු ප‍්‍රගතියක් ඉකුත් මාස 12 ක කාලයේදී දක්නට නොලැබුණු අතර මව්බිමේදී මෙන්ම විදේශ වලදීද එක
දිගට ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති
ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස අවසන් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද එම තරගය
අතරතුරදී හතුරුසිංහ ක‍්‍රියා කළ ආකාරයට අනුව ඔහු සමග කළමනාකරු අසංක ගුරුසිංහ නායක
දිනේෂ් චන්දිමාල්ටද ටෙස්ට් තරග කිහිපයක්ම තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කළා.
කොදෙව්වන් සමග ඉකුත් වසරේදී බාබේඩෝස් හී පැවැති ටෙස්ට් තරගයේදී විනිසුරු තීරණයට
ගරු නොකර කණ්ඩායම ඉවතට ගැනීමට හතුරුසිංහද මැදිහත්වීම හේතුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ
පළමු නීතිය වන ජීව ගුණයට හානි කිරීම නීතිය අනුව අදාළ තහනම පැනවුණා.
තත්වය මෙසේ වෙද්දී ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය
හරීන් ප්රනාන්දු මහතා හරහා හතුරුසිංහගේ තටු කපා දමා නව ගමනකට සැරසෙනවා. හතුරුසිංහ
බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු තනතුර භාර ගත් මුල් කාලයේද මෙලෙසම විරෝධතා ඇතිවී තිබෙනවා.
බංග්ලාදේශ ජේෂඨ ක්‍රීඩකයින් ඒ අතර මූලිකත්වය ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී
තත්වය මෙලෙස වීමට බලපා ඇත්තේ නිසි කළමණාකරණයක් නොවීම බවයි ඇතමුන් පෙන්වා දෙන්නේ. තිලංග
සුමතිපාල මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස හතුරුසිංහ බදවා ගත්තද ඔහුට අවශ්‍ය අනෙකුත්
පහසුකම් ලබාදීමට අපොහොසත් වුණා. තේරීම් කමිටුව හා ප්‍රධාන පුහුණුකරු අතර මතබේද ඇතිවීම ආරම්භ වී ඇත්තේ එක්ධිපති ලෙස හතුරුසිංහ තීරණ ගැනීම හේතුවෙනුයි.
No comments