තිලංගගේ රූකඩ සභාපති සමාව අරන් නා ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 21
වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි සභාපති අපේක්ෂක ලෙස ජයන්ත ධර්මදාස මහතා සමගින්
ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ මොහාන් ද සිල්වා මහතායි. දෙපාර්ශ්වයම මේ වන විට සිය
කදවුරු ශක්තිමත් කිරීම ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් නිලවරණය සදහා 04 දෙනෙකු
නාමයෝජනා භාරදී තිබුණා. ඒ මොහාන් ද සිල්වා සමගින් ශම්මි සිල්වා හා ජයන්ත සමගින් කේ
මතිවානන් යන මහත්වරුන්. මොහාන්ගේ නාමයෝජනාව ස්ථිර වීමත් සමග ශම්මි සභාපතිදූරයේ ප්‍රධාන
අපේක්ෂකයෙක් වන්නේ නැහැ. ජයන්ත පාර්ශ්වයද එලෙසින්ම මතිවානන් ඉවත්වීම ඉදිරියේදී ප්‍රකාශයට
පත්කරනු ඇති.
සිල්වලා නියෝජනය කරන්නේ තිලංග පාර්ශ්වයයි. ජයන්ත
රණතුංග පාර්ශ්වය නියෝජනය කරනවා. ජයන්ත ධර්මදාස මහතා කිසිවකුට පාලනය කළ නොහැකි
සෘජු තීන්දු තීරණ ලබා ගන්නා පාලකයෙක් ලෙස නමක් දිනා සිටිනවා. තිලංග සුමතිපාල මහතා සභාපති ලෙස කටයුතු කළ සමයේදී උප සභාපති තනතුරෙන් ඒ මහතා ඉල්ලා අස්වූයේද එම කරණ හේතුවෙන් බව පසුගියදා ප්‍රකාශ වුණා. තිලංගගේ ඒකාධිපතිත්වයට අභියෝග කරමින් එහිදී ඉල්ලා අස්වීමටද කටයුතු කරනු ලැබුවේ ආන්දෝලනාත්මක ලිපියක්ද යොමුකරමින් වීම කැපී පෙනෙනවා. එහෙත් සිල්වලා තිලංගගේ
රූකඩ පාලකයන් බව රහසක් නොවේ. තිලංගට අනුව පාලනය ගෙන යාමට සිල්වලා කටයුතු කිරීම
අතීතයේදීද සිදුවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ජන්ද 143 ක්
ප්‍රකාශවීමට නියමිතයි. කෙසේ වෙතත් මෙවර නිලවරණයේදී වැඩි වාසියක් හිමිව ඇත්තේ ජයන්ත
ධර්මදාස මහතාට බව වාර්තා වනවා. 2016 වසරේ ජනවාරි 03 වැනිදා පැවති අවසන් ක්‍රිකට්
නිලවරණයේදී උප සභාපති තනතුරට ඒ මහතා තේරී පත්වුනේ ජන්ද 102 ක් ලබා ගනිමින්.
මොහාන් ද සිල්වා මහතා නිලවරණය වෙනුවෙන් අද පැවැත්වූ
මාධ්‍ය හමුවකදී සිංහල ක්‍රීඩා සමාජයේ සභාපති මයිකල් ද සොයිසා මහතාගෙන් ප්‍රසිද්ධියේ
සමාව ඉල්ලා සිටියා. ඒ පසුගිය මාධ්‍ය හමුවේදී මයිකල් ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයෙකු
බව පවසමින් තමන් සිදුකළ ප්‍රකාශයට සමාව ගනිමිනුයි. ඊට හේතුවී ඇත්තේ සිංහල ක්‍රීඩා
සමාජය ( එස් එස් සී ) ඊයේ රැස්වී මොහාන් සිදුකළ ප්‍රකාශයට ප්‍රසිද්ධියේ සමාව නොගත
හොත් ජන්දය ලබා නොදෙන බවට කරනු ලැබූ ප්‍රකාශය හේතුවෙනුයි. මේ අනුව අද පැවති මාධ්‍ය
හමුවේදී මොහාන් සමාව ගත්තද ක්‍රිකට් නිලවරණයේදී ඔහුට හෝ එම පාර්ශ්වයට ජන්දය ලබා
නොදීමට ඔවුන් තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ක්‍රිකට් නිලවරණයට පෙර මෙරට ක්‍රිකට් ගොඩ නැංවීමට
ක්‍රියා කළ නිලධාරීන්ට මෙලෙස අපහාස කරමින් පරිභව සිදුකරන අයෙකු සභාපති බවට පත්වූ
පසු කෙලෙස නම් ක්‍රීයා කරනු ඇත්ද ? ක්‍රීඩා සමාජ සදහා ක්‍රිකට් ආයතනය මුදල් ලබාදීමද
මෙහිදී විවේචනයට ලක්වුණා. ක්‍රිකට් ක්‍රීඩකයින්වද ප්‍රසිද්ධියේ අවමන් කිරීමක්ද
මෙහිදී සිදුවුණා. මෙවැනි හිටපු නිලධාරීන් සභාපති බවට පත්වුවහොත් ක්‍රීඩකයින් අඹ
සරණ හැර කුමක්ද ? එමෙන්ම මාසිකව රුපියල් ලක්ෂ 75 ක් ගෙවනු ලබන ප්‍රධාන පුහුණුකරු චන්දික
හතුරුසිංහ ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ හිටපු සභාපති තිලංග සුමතිපාල හා උප සභාපති
කේ මත්වානන් මහතා බව මෙහිදී කියවුණා. ඊට තමන්ගේ කිසිදු සම්බන්දයක් නොවූ බවයි එවකට
උප සභාපති හා ලේකම් ලෙස කටයුතු කළ මොහාන්ද සිල්වා මහතා මෙහිදී කියා සිටියේ. ඉතින්
මෙවැනි අය සභාපති වූ විට පරාජයන් සියල්ලට අනෙක් අය වැරදිකරුවන් කර ජයග්‍රහණ පමණක්
තමන්ගේ කර ගනු නැතැයි කාට නම් කිව හැකිද ?
No comments