පාපන්දු වනසන කළුතර - යලිත් ගැටුම්
අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ කලුතර ක්‍රීඩා
පිටියේ පැවති බේරුවල රෙඩ්ස්ටාර් හා කලුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජ අතර තරගය ප්‍රේක්ෂකයින්ගේ
කලහකාරී හැසිරීම හේතුවෙන් අතරමැද අතහැර දැමීමට සිදුවුණා. තරගයේ 78 වන විනාඩියේදී රෙඩ්
ස්ටාර් ගෝල 02 ක් හා බ්ලූ ස්ටාර් ගෝලයක් ලබාගෙන සිටියා. එම අවස්ථාවේදී සිය පාපන්දු
ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය වනු බලාසිටීමට නොහැකිවූ රෙඩ් ස්ටාර් ප්‍රේක්ෂකයින්
ගල්වලින් ක්‍රීඩකයින්ට පහරදීමට කටයුතු කළා. අනතුරුව ක්‍රීඩා පිටියට පැමිණි ඔවුන්
කලහකාරී ලෙස හැසිරුණා. පොලීසියට තත්වය පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් තරගය අතහැර
දැමීමටයි සිදුවුනේ.
හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාවන
වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා කලුතර ලීගයේ සභාපතිවරයායි. ඔහු ජාතික පාපන්දු
සම්මේලනයේද විධායක කමිටුව නියේජනය කරනවා. වත්මන් සභාපති අනුර ද සිල්වාට පාපන්දු
මුල් පුටුව ලබාදී රූකඩ පාලනයක් ගෙන යමින් සිටින මනිලාල් මෙරට පාපන්දුව බින්දුවෙනුත්
පහලට ඇද දමා අවසන්. මනිලාල්ගේ පුත්‍රයායි කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය
ලබා දෙන්නේ. කලුතර පාපන්දු ක්‍රීඩා පිටියේ පාලනයද ඔවුන් සිදුකරනවා.
මීට පෙරද මෙම ක්‍රීඩා පිටියේදී මෙවැනිම ගැටුම්කාරී
තත්වයක් ඇතිවුණා. එම අවස්ථාවේදී මෙම ක්‍රීඩා පිටියේ තරග තුනක තහනමක් ලබාදුන්නා. එහෙත්
ක්‍රියාත්මක වුනේ එක් තරගයක තහනමක් පමණයි. ඒ මනිලාල්ගේ අනුහසින්.
එකම දේ නැවත නැවත සිදුවීමට ඉඩ හරිමින් මෙරට
පාපන්දුව අගාදයට ඇද දමන බහිරවයාගෙන් බේරා ගන්නා තුරු ජාතික පාපන්දු සංගමයට
අභසරණයි. ක්‍රීඩාව යනු ජය පරාජය සමව විද ගැනීමට පුරුදු කරන්නක්. එහෙත් අවනීතිය රජකරවන යුගයක් බිහි කළ හිටපු බහිරවයන් මෙරට පාපන්දුව අගාදයට ඇදන් යන තුරු ක්‍රීඩා බලධාරීන් මර නින්දේ පසුවීමයි රටේ අභාග්‍ය වී ඇත්තේ.
No comments