• Breaking News

    ක්‍රිකට් ආයතනයට හොරෙන් පත්වූ ජෝඩුව

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති විරෝධී පත්වීම් දෙකක් සිදුකර තිබෙනවා. එකක් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වායි. එනෙක් පත්වීම වන්නේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්නයි. ඔවුන් දෙදෙනාගේ සේවා කාලය දීර්ඝ කර ඇත්තේ පසුගිය දින 50 ක සංක්‍රාන්ති රජයක් පැවති අවස්ථාවේයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිසි බලධාරී කමල් පද්මසිරි මහතා ඔවුන් දෙදෙනාගේ සේවා කාලය 2020 දක්වා දීර්ඝ කර ඇතැයි සදහන්.
    පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන කොන්ත්‍රාත් සේවකයින් 100 කට අධික පිරිසකගේ සේවා කාලය මෙතෙක් දීර්ඝ කර නැහැ. එම පත්වීම් අත්‍යවශ්‍ය ඒවාදැයි විදිමත් සොයා බැලීමක් සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් සියළුදෙනාට හොරෙන් ප්‍රධාන විධායක හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යන දෙදෙනා සිය සේවා කාලය දීර්ඝ කරගෙන ඇත්තේ සියල්ලන්ගේ ඇස්වලට වැලි ගසමින්.
    අධිකරණය පසුගියදා නියෝග කලේ රජයන් මාරු වෙමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ දින 50 ක කාලය තුල සිදුකළ සියළු පත්වීම් අහෝසි බවයි. මේ අනුව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුටු දෙකම හිස්ව තිබිය යුතුයි. එහෙත් කණගාටුවට කරුණ වී ඇත්තේ මේ පිලිබද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙතෙක් පරීක්ෂණයක් නොපැවැත්වීමයි. ක්‍රිකට් මුල් පුටුවේ වෙනසක් මෙරට ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන්නේ කලක සිටයි.

    No comments