මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත මාර්තුවේ
හිටපු නායක සනත් ජයසූරිය ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින්
03 දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ ඒකකය
පසුගිය වසරේදී චෝදනා ගොනුකරනු ලැබුවා. අනතුරුව ඔවුන් නිවේදනය කළේ ටෙස්ට් වරම් දිනූ
රටවල් අතර දූෂිතම රට ශ්‍රී ලංකාව බවයි. ඒ පිලිබද අවස්ථා කිහිපයකදීම මෙරට
ජනාධිපතිවරයා ඇතුලු බලධාරීන් දැනුවත් කළා. එහෙත් එය බීරි අලින්ට වීනා වැයීමක් මෙන්
වුනේ කිසිවක් ඉන් වෙනස් නොවීම හේතුවෙන්.
2014 වසරේදී මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත
සකස්කරනු ලැබුවා. එහෙත් මෙතෙක් එය නීතියක් බවට පත්කිරීමට කටයුතු කර නැහැ. මේ අනුව
මුදලට තරග පාවාදීමේ යෙදෙන්නන්ට එය විශාල සහයක් වී තිබෙනවා. කිසිවකු මුදලට තරග
පාවාදී හසුවුවහොත් ලබා දිය හැක්කේ තරග තහනමක් පමණයි. ඒ මෙරට තුල නීතියක් නොවීම
හේතුවෙන්.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා
අමාත්‍යාංශය භාර ගත් පසු නිවරදි තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඉන් ප්‍රධාන වන්නේ
ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමයි. ජාතික ක්‍රීඩා සභාව නියෝජනය කරන අමාත්‍ය නීති
උපදේශක නීතීඥ පන්ඩුක කීර්තිනන්ද මහතා මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ කමිටුවේ 2014
කටයුතු කළ ලේකම්වරයායි. මේ අනුව ඔහු මෙම පනත යලි කරලියට ගෙනවිත් තිබෙනවා.
මේ වන තුරු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන්ව තිබූ
මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත අද වන විට ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙයි. කෙටුම්පතේ වැරදි නිවැරදි කරමින් එය ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුවට ගෙනවිත්
මෙරට තුල නීතියක් බවට පත්කිරීමට නියමිතයි. එවිට ලොව දූෂිතම ටෙස්ට් වරම් දිනූ රට යන
අපකීර් තියෙන් මිදීමට අපට හැකිවනු ඇති.
No comments