• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ අර්බුදයක්


    ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 05 ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම අර් බුදයක් බවට පත්ව ඇති බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඒ තරගාවලියට එක්වූ ප්‍රධානම වේග පන්දු යවන්නන් තුන්දෙනාම මේ වන විට නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටීම හේතුවෙන්. පුහුණු තරගයේදී ආබාදයට ලක්වූ නුවන් ප්‍රදීප් හා පළමු ටෙස්ට් තරගයේදී ආබාදයට ලක්වූ ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීර ඒ අතර වනවා.

    ගහෙන් වැටුනු මිනිහාට ගොනා ඇන්නාක් මෙන් සංචිතයේ සිටි ප්‍රධානම වේග පන්දු යවන්නා වූ සුරංග ලක්මාල්ද මේ වන විට කොන්දේ ආබාදයකට ලක්ව සිටිනවා. උදෑසන තරගයට පෙර ඔහුගේ තත්වය නිරීක්ෂණය කර අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. කණ්ඩායම සොයා මෙලෙස ආබාද සොයා එද්දී ශ්‍රී ලංකාව ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 15 ක් මාසිකව වැය කරනවා. ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට පමණක් මසකට රුපියල් ලක්ෂ 75 කට අධික මුදලක් ගෙවනු ලබනවා.
    තරගය සදහා කණ්ඩායම තේරීම පසුගිය වසර පුරා සිදුකරනු ලැබුවේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහයි. එහෙත් පසුගියදා ඔහු තේරීම් බලතල කපා දැමීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළා. ඒ තේරීම් කමිටුව සමග මෙරටදී පැවති සාකච්ජාවකින් අනතුරුවයි. මේ අනුව මෙම තරගය සදහා කණ්ඩායම තේරීමේ වගකීම තේරීම් කමිටු සාමාජික හේමන්ත වික්‍රමරත්න මහතාට ලබාදී තිබෙනවා. ඔහු සමග ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා.
    ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු ජෝන් ලුවිස් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික කරුණක්. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂතා දැක්වීමට හැකිවූයේ නැහැ. පිතිකරුවන් අසාර් ථක වීම මෙම පරාජයට සෘජුව බලපෑවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ ගැන පිතිකරු පුහුණුකරු ලුවිස්ට සුද්ද සිංහලෙන් අමතා ඇතැයි වාර්තා වනවා. ඉන් පසුවයි ඔහු කණ්ඩායම හැරදා ගොස් ඇත්තේ.
    එම පුරප්පාඩුවට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු අවිශ්ක ගුණවර් ධනට ඕස්ට්‍රේලියාවේ වන්දනාවේ යාමට අවස්ථාව හිමිවුණා. දිනකින් දෙකකින් පිතිකරුවන්ගේ තාක්ෂණය හෝ අඩුපාඩු සකස් කළ හැක්කේ නැහැ. එහෙත් මානසිකත්වය ගොඩනැංවීම හා තාක්ෂණික දුර් වලතා යම්තාක් දුරට නිවරදි කිරීමේ හැකියාව තිබෙනවා. එය සිදුවී දෙරට අතර පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් මෙරට ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වනවා.

    No comments