ජයසූරිය ඇතුළු ක්‍රීඩකයින් 11 කට පාවාදීමේ චෝදනා - බේරා ගන්න SLC පාරට
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත්
ජයසූරිය මහතාට වසර 02 ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු
කළා. ඒ මුදලට තරග පාවාදීමේ සිදුවීම් පිලිබද සිදුකරන පරීක්ෂණයන්ට සහය නොදක්වන බව
පවසමින්. මේ අතර තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 11 දෙනෙකු හා පරිපාලකයින්
කිහිපදෙනෙකු පිලිබද පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලය පවසනවා.
වසර දෙකක තහනමට ලක්වූ සනත් ජයසූරිය වෙනුවෙන් ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය පෙනී සිටින බව එහි උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසනවා.
හොරු වෙනුවෙන් උදවු කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම ඉදිරියේදී පෙනී සිටින කාලයක්
උදාවනු ඇති. බුකීකරුවන්ගේ සහයෙන් ක්‍රිකට් මහපුටුව ඇතුළු ක්‍රිකට් ආයතනයේ බලය
ඇල්ලූ පිරිස එලෙස කටයුතු නොකරන්නේ නම් පුදුම විය යුතුයි. ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලය ශ්‍රී ලංකාව පිලිබද මුදලට තරග පාවාදීමේ චෝදනා ඇතුලත් වාර් තාවක් නිකුත්
කිරීමට සූදානම් වන බව පසුගිය සෙනසුරාදා අද අනාවරණය කළා ඔබට මතක ඇති. චෝදනා එල්ල වී
ඇති තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පිලිබද තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට අප
සූදානම්.
No comments