• Breaking News

    ලංකාවේ නාමික ක්‍රීඩා සංගම් 46 ක්



    ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන බව පවසන ක්‍රීඩා 64 ක් යටතේ ජාතික ක්‍රීඩා සංගම් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබෙනවා. මෙතෙක් කලක් ඔවුන් ක්‍රියාත්මක වූයේ කෙසේ දැයි ක්‍රීඩා අමාත්‍යාංශයට අවබෝධයක් පැවතියේ නැහැ. ක්‍රීඩා තරගාවලියෙක් විදෙස් රටක පැවැත්වෙන විට ඊට සහභාගී වීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් හා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට පමණක් ඔවුන් නිසි ලෙස සිදුකරනු ලැබුවා. ජාතික ක්‍රීඩා ප්‍රතිඵත්තිය 2014 වසරේ මෙරට තුල නීතියක් බවට පත්වුවද පසුගිය කාලයේ සිටි ක්‍රීඩා ඇමතිවරුන් කිසිවෙක් ඒ පිලිබද දැනුවත්ව සිටියේ නැහැ. ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ඇතැම් නාමික සංගම් නිලධාරීන් පෞද්ගලික සුඛ විහරණය සදහා ජාතික සංගම් ලියාපදිංචිය වටේ යැව්වා. ඒ කැටේ පුරවා ගැනීම සදහායි.
    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා සංගම්, ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ සියළු ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් ක්‍රීඩාවේ ප්‍රගමණය සදහා වන උපායමාර්ග හදුනා ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ වැඩමුළුවක් හෙට පැවැත්වීමට සියල්ල සූදානම් කර අවසන්. ඊට එක්වන ක්‍රීඩා සංගම් 64 සදහා ක්‍රීඩා අමාත්‍යාංශය පොදු ප්‍රශ්න 08 ක් යොමුකර තිබෙනවා. එහෙත් ඊට ප්‍රතිචාර ලබාදී ඇත්තේ ක්‍රීඩා සංගම් 18 ක් පමණයි. මේ අනුව අනෙක් සංගම් 46 නාමික පෞද්ගලික අවශ්‍යතා සදහා අටවා ගත් සංගම් ද යන්න ක්‍රීඩා අමාත්‍යාංශය වහ වහා සොයා බැලිය යුතුයි.

    මෙම වැඩමුළුවේදී උපාය මාර්ග හදුනා ගැනීමේ හා ක්‍රියාත්මක කිරීම සදහා ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් ඇතුළු ක්‍රීඩා විෂයට සම්බන්ධ විවිධ පාර්ශව වෙතින් අදහස් හා යෝජනා ලබා ගැනීමට සිදුවනවා. එය  හෙට සිට දෙදිනක් පෙ.ව.9.00 සිට කොළඹ 07, පදනම් ආයතනයේදී පැවැත්වෙනු ඇති.
    මෙහිදී ප්‍රධාන කරුණු 07 ක් යටතේ අදහස් ලබා ගැනීමට යෝජිතය
    01. සංගම්වල ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම හා අමාත්‍යාංශ සම්බන්ධීකරණය
    02.ක්‍රීඩා ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම
    03. සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහි කිරීම සදහා ක්‍රීඩාව හා ව්‍යායාම
    04. ක්‍රීඩාවෙන් සමුගත් හා ක්‍රීඩාවේ නියැලී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සාධනය පවත්වා ගැනීම සදහා වන උපාය මාර්ග
    05. ක්‍රීඩා තාක්ෂිනකයින්ගේ ධාරිතා සංවර්ධනය හා මෙම ධාරිතා සංවර්ධනය ප්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ති කිරීමේ උපාය මාර්ග
    06. ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය
    07. දිවයින පුරා කුසලතාවලින් පිරි ක්‍රීඩකයින් හදුනා ගැනීම

    No comments